මෙහිදී අදහස් දැක්වූ දිස්ත්‍රික් ලේකම්වරයා සදහන් කලේ, විශ්‍රාම ලබන රජයේ සේවකයිනට විශාල සම්පතක් වශයෙන් සමුපකාර සමිති ව්‍යාපාරය සමාජය තුල විශ්වසනීය වී ඇති බවයි.
ශ්‍රී ලංකාවේ සමුපකාර සමිති ව්‍යාපාරය ග්‍රාමීය ජනයාගේ මුදල් ඉතිරි කිරිම හා ණය සැපයීම අරමුණු කරගෙන ආරම්භ කර ඇත්තේ ස්වේච්ඡා සංවිධානයක් ලෙසයි. 1940 පමණ වන විට මෙය පුළුල් මට්ටමින් පැතිර ගොස් තිබිණි. ශ්‍රී ලංකාවේ නම ගිය ප්‍රජා සහභාගිත්ව ව්‍යාපාරයක් වු සමුපකාර සමිති ව්‍යාපාරය ඉතා වේගයෙන් ජනප්‍රිය විය.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ රජයේ සේවකයින්ගේ සමුපකාර සමිතිය ආරම්භ කර ඇත්තේ 1947 වසරේ දි ය. ඒ අනුව එය අඛණ්ඩාව වසර 69 ක කාලයක් ගෙවා තිබේ. අනුරාධපුර කච්චේරියේ සේවකයින් කිහිප දෙනෙකු එක්ව මෙම සමිතිය පළමුව ආරම්භ කර ඇත. දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ දී විවෘත කෙරුණ නව ගොඩනැගිල්ල සදහා වැයකර ඇති මුදල රුපියල් ලක්ෂ විසිපහකි.
AP/DMU-Anuradhapura