නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තැපැල් ප්‍රවර්ධන සතිය නිමිත්තෙන් ජනතාව දැනුම්වත් කෙරේ

    ඔක්තෝබර් 04, 2016
    ලෝක තැපැල් දිනය නිමිත්තෙන් ප්‍රකාශයට පත් කෙරුණු තැපැල් ප්‍රවර්ධන සතියට සමගාමීව තැපැල් කාර්යාලයෙන් ලබාගතහැකි විවිධ සේවාවන් පිළිබඳ ව ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා හාලිඇල නගරයේ දී ක්‍රියාත්මක  කෙරිණි.
     
    මෙහිදී හාලිඇල තැපැල් කාර්යාලයේ සහ එහි පාලිත තැපැල් කාර්යාලයන්හි කාර්ය මණ්ඩලයන් විසින් හාලිඇල නගරයේ මහජනතාව, ව්‍යාපාරික ප්‍රජාව, රාජ්‍ය ආයතන හා පාසල් ළමුන් දැනුවත් කරමින් අත් පත්‍රිකා බෙදීමක් සිදුවූ අතර හාලිඇල තැපැල් කාර්යාල බල ප්‍රදේශය තුළ තැපැල්කරු මහතුන් විසින් ගෙන්ගෙට ගොස් අත්පත්‍රිකා බෙදීමද සිදුවිය.
     
    ඌව පළාත් නියෝජ්‍ය තැපැල්පති ආර්. ධර්මසිරි පියසේන මහතාගේ උපදෙස් මත ජ්‍යෙෂ්ඨ පාලන ලේකම් සිසිර කුමාර වලල්ලාවිට, ප්‍රාදේශීය තැපැල් අධිකාරී ජේ.එම්.රූපසිංහ, පළාත්බද විමර්ශන පරීක්ෂක නිශ්ශංක අමුණුගම, ප්‍රාදේශීය විමර්ශන පරීක්ෂක සමන් මහින්ද, ප්‍රාදේශීය තැපැල් අධිකාරී කාර්යාලයීය ප්‍රධාන ලිපිකරු අශෝක තෙන්නකෝන් යන මහත්වරු මෙම අවස්ථාවට එක්වූහ.
     
    හාලිඇල තැපැල් ස්ථානාධිපති තිළිණ ගංගොඩවිල මහතාගේ මූලිකත්වයෙන් මෙම වැඩසටහන සංවිධානය කොට තිබිණි. 
      

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya