රාජකාරි භාර ගැනීමෙන් අනතුරුව අදහස් දැක්වු දිස්ත්රික් ලේකම්වරයා,
ආණ්ඩුව, රාජ්ය යාන්ත්රණය මහා යන්ත්රයක්. අප එහි ඇණයක් මුරිච්චියක් හා සමානයි. ඇණයක් මුරිච්චියක් නැතිවුණාට යන්ත්රය නවතින්නෙ නැහැ. එනිසා අප නැතිවුණාට මේ රාජ්ය සේවය ක්රියාත්මකයි. එක් අයෙක් නැති වන විට තවත් අයෙක් එම ස්ථානයට පැමිණේ.
කාරණා 10 ක් සම්බන්ධයෙන් ගත් විට කාරණා 07 ක් පිළිබඳව මතභේද පැවතියත් කාරණා 03 ක් පිළිබඳව එකඟ වන්නේ නම් එකඟ වන කාරණා සළකා අප එක්ව කටයුතු කළ යුතුයි. මගේ දැක්ම එයයි පැවසීය.
මේ අවස්ථාවට ගාල්ල හා හම්බන්තොට දිස්ත්රික් ලේකම්වරු, මාතර අතිරේක දිස්ත්රික් ලේකම්, මාතර දිස්ත්රික්කයේ සියලුම ප්රාදේශිය ලේකම්වරු සහ මාතර දිස්ත්රික් ලේකම් කාර්යාලීය කාර්යමණ්ඩලය සහභාගි වී සිටියහ.
AP/DMU-Matara