මේ දිස්ත්‍රික්කයේ ජනතාවට හොද සේවාවක් කිරිමට තමා බලාපොරොත්තු වන බවත්,ජනතාවගේ ප්‍රශ්න ,ගැටළු අපේ ඒවා ලෙස සලකා රාජ්‍ය නිලධාරින් වන අපි කටයුතු කළ යුතු බවත් දිස්ත්‍රික්කයේ දේශපාලන අධිකාරිය,ගරුතර මහ සංඝරත්නය ,රාජ්‍ය නිලධාරින් හා මහජනතාවට අවශ්‍ය ආකාරයට රාජකාරි කටයුතු කරන බවත් නව දිස්ත්‍රික් ලේකම්වරයා පැවසීය.
දිසාපතිවරයා මෙම අදහස් ප්‍රකාශ කළේ මාතලේ නව දිස්ත්‍රික් ලේකම්වරයා ලෙස වැඩ භාර ගනිමින් කාර්ය මණ්ඩලය ඇමතු අවස්ථාවේදීය.
කුමාරසිරි මහතා අනුරාධපුයේ දිසාපතිවරයා ලෙස මෙතෙක් කටයුතු කර ඇත.
මෙම අවස්ථාවට අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මාණ්ඩලික නිලධාරින් සහ මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරින් සහභාගි විය.
AP/DMU -Matale