මෙම අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා තවදුරටත් කියා සිටියේ මෙම වැඩසටහන මගින් දිවයින පුරා පවුල් ඒකක දස ලක්ෂයක ආර්ථිකය ශක්තිමත් කිරීම අරමුණ බවයි.
ඒ අනුව, පවුල් ඒකක දස ලක්ෂයක කාන්තාවන් දස ලක්ෂයක් හදුනාගෙන, ඔවුහු මූලික කරගත් ව්‍යාපෘතියක් ලෙස මෙම වැඩ සටහන ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිතය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය දයා ගමගේ මහතා,
“අද මෙතන පක්ෂ බේදයක් නෑ. අද රටට ආදරය කරන අය ඔක්කෝම අය එකට එකතු වෙලා ඉන්නවා.
“අපිට අවශ්‍ය කරන්නේ තමුන්නාන්සේලාගේ ගෙවල් වල ආදායම වැඩි කරන්න. මේ ධන සවියේ එක ව්‍යාපෘතියක් තමයි ලංකාවේම ඉන්න කාන්තාවන් ලක්ෂ දහයකගේ ආදායම අඩුම වශයෙන් රුපියල් ලක්ෂයකින් වැඩි කරන්න.
කප්රුකට ගම්මිරිස් කියන වැඩසටහනින් පමණක් අපේ රටේ තියන ටොන් 17,000 ක ගම්මිරිස් නිෂ්පාදනය ටොන් 60,000 වෙනකල් වැඩි කරන්න පුළුවන්.“
“කුරුදුවලට මේ ප්‍රදේශය ඉතාම ප්‍රසිද්ධ ප්‍රදේශයක්. අපේ කුරුදු තමයි ලෝකේ තියන හොදම කුරුදු.නමුත්, අපේ කුරුදු වල තියන ඖෂධීය ගුණය ලෝකෙට විකුණන්න බැරි වෙලා තියනවා. කුරුදු වලින් දියවැඩියාව පාලනය කරන්න පුළුවන්. ඒකයි මම කීවේ අපේ කුරුදු වල තියන ඖෂධීය ගුණය ප්‍රචලිත කරන්න පුළුවන් නම්, අපිට පුළුවන් ඉහළ ඉල්ලුමක් ඇති කරලා වැඩි මුදලකට අපේ කුරුදු විකුණන්න.“
“රට වටේම මුහුද. හැබැයි අපි මාළුත් පිටරටින් ගේන රටක්. මම බලාපොරොත්තු වෙනවා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශය මගින් අපේ මත්ස්‍ය කර්මාන්තය දියුණු කරන්න. අද අපි මේ ප්‍රදේශයේත් ඒ සදහා වැඩසටහනක් ආරම්භ කරනවා. දැනටත් අපි ගත්තොත්, තමුන්නාන්සේලාගේ ප්‍රදේශයේ හෝටල් තියනවා 422ක්. සංචාරකයෝ වැඩිපුර එනකොට හෝටල් වලට අවශ්‍ය එළවළු-මාළු අවශ්‍යතාව වැඩි වෙනවා. අවශ්‍යතා වැඩිවෙනකොට අපේ වෙළදපොළ අපේ රටතුළ නිර්මාණය වෙනවා. අපි ඒ වෙළදපොල ජයගන්න ඕනි.
“අපි අක්කර 25,000ක කඩිනම් අන්නාසි වගා ව්‍යාපෘතියක් ආරම්භ කරනවා. මේක මම තෝරා ගත්තේ කුරුණෑගල, පුත්තලම හා ගම්පහ දිස්ත්‍රික්ක තුක කේන්ද්‍ර කර ගනිමින්. පොල් ගස්වල ගම්මිරිස් වැල යවනවා වගේම ඒ අතරේ අන්නාසි වවන්න පුළුවන්. අපිට මේ වෙනුවෙන් අවශ්‍ය කරනවා අන්නාසි තවාන් 750ක්. අපි කුරුදු අක්කර 25,000ක් අලුතින් වවන්න බලාපොරොත්තු වෙනවා. මේකට අපි අවශ්‍යයි තවත් තවාන් 5,000ක්. අපි මේ තවාන් ඇති කරන අයට ආධාර කරනවා. රුපියල් 150,000ක් මම ඒ අයට ලබා දෙනවා, ඒකෙන් 75,000ක් පැළ දෙනකොට අඩු කරගන්නවා. ඉතිරි 75,000 ආධාරයක් හැටියට දෙනවා. තවාන්කරුවන් අවශ්‍යයි. වතුර තියන, උනන්දුවක් තියන, මේ වැඩේ කැපකිරීමෙන් කරන්න පුළුවන් අය මේකට එකතු වෙන්න. හොද ආදායමක් ලබා ගන්න පුළුවන්. පක්ෂ බේදයක් නෑ. ජාති බේදයක් නෑ. අපිට අවශ්‍ය කරන්නේ ව්‍යවසායකයින් නිර්මාණය කරන්න. යයිද පැවසීය.
“මෙහිදී, ධන සවිය ගම්මාන සංකල්පය යටතේ ධන සවිය ගෙවතු නිර්මාණය කිරීමට අපේක්ෂිත හබරාදූව ප්‍රදේශයේ 1,500 දෙනෙකු වෙනුවෙන් රෝපණ ද්‍රව්‍ය, පොහොර හා පැළ හිමිකම් පත් ප්‍රදානය කිරීම ද සිදු විය.
මේ අතර, මීට සමගාමීව ඉමදූව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ දී ආදර්ශ ධන සවිය ගෙවත්තක් ඇති කිරීම වෙනුවෙන් අමාත්‍ය දයා ගමගේ, අමාත්‍ය ගයන්ත කරුණාතිලක, නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය අනෝමා ගමගේ යන මහත්ම මහත්මීන්ගේ මූලිකත්වයෙන් අපනයන කෘෂි බෝග පැළ රෝපණය කිරීම ද මෙහිදී සිදු විය.
එසේම, ධන සවිය වැඩසටහන යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිත ගෘහස්ථ එළ කිරි නිෂ්පාදන මධ්‍යස්ථානයක් හා ගව සිංචන මධ්‍යස්ථානයක් වෙනුවෙන් ද මෙහිදී මුල් ගල් තැබීය.
ධීවර කර්මාන්තය නගා සිටුවීම ද ධන සවිය වැඩසටහනේ මූලික අරමුණකි. ඒ අනුව, මේ යටතේ ධීවර කර්මාන්තයේ නිරත කාර්මිකයින් වෙත මත්ස්‍ය හා ඉස්සන් වගා කොටු සදහා සුදුසු දැල් හා උපකරණ ප්‍රදානයක් ද සිදු විය. ධීවර කාර්මිකයින් හමුවෙමින් එම උපකරණ බෙදා දුන් අවස්ථාවේ දී අමාත්‍ය දයා ගමගේ මහතා කියා සිටියේ, ඔවුන්ගේ ආර්ථික ශක්තිය වර්ධනය කිරීම සදහා අවශ්‍ය සහාය ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශය මගින් ලබා දීමට පියවර ගන්නා බවයි.
AP