ඒ නීති විරෝධි කැණීම් කිරීම, ප්‍රවාහනය, ගබඩා කිරීම, වෙළෙඳාම හෝ අපනයනයේ දී සිදුවන අක්‍රමිකතා වැළැක්වීමේ අරමුණින් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයකට අනුව දිවයිනේ සිදුවන නීතිවිරෝධි ඛනිජ කැණීම, ප්‍රවාහනය, ගබඩා කිරීම, වෙළෙඳාම් කිරීම පාලනය කිරීම සඳහා භූ විද්‍යා හා පතල් කාර්යාංශය පොලිස් දෙපාර්තමේන්තුව හා එක්ව වැටලීම් ඒකකයක් ආරම්භ කිරීමට ද සැලසුම් කොට ඇත.