නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගාල්ල දිස්ත්‍රික් ළමා සංවර්ධන කමිටුව රැස්වේ

    සැප්තැම්බර් 21, 2016
    ගාල්ල දිස්ත්‍රික් ළමා සංවර්ධන කමිටුව පසුගියදා දිස්ත්‍රික් ලේකම් එස්.ටී.කොඩිකාර මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි. මෙහි දී සිය දිවි නසා ගැනීම් පිළිබඳව විශේෂ දේශනයක් සිදු කල වෛද්‍ය අමිල චන්ද්‍රසිරි මහතා පෙන්වා දුන්නේ දළ වශයෙන් වසරකට මෙරට සියදිවි නසා ගැනීම් 3,000ක් පමණ වාර්තා වන බවත් සියදිවි නසා ගැනීම සඳහා පුද්ගලයින් 30,000 පමණ  පිරිසක් තැත් කරන බවත් ය.
    මේ අතරින්  බහුතරය වයස අවුරුදු 16-25 ත් අතර වයසේ පසු වන්නන් වීම වඩාත් ව්‍යාකූල තත්වයක් බවට ඒ මහතා සඳහන් කර සිටියේ ය. උපදේශන සේවාවන් පාසල් සිසු සිසුවියන් ඉලක්ක කර ගනිමින් පැවැත්වුවද  ඉන් ලබන අවබෝධය 17.4 % පමණ පිරිසක් පමණක් ග්‍රහණය කර ගන්නා බව ද වෛද්‍ය අමිල චන්ද්‍රසිරි මහතා වැඩි දුරටත් සඳහන් කර සිටියේ ය.
     
    AP/DMU-Galle
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya