අමාත්‍යවරයා මේ බව පැවසුයේ අබලන්ව විනාශ වෙමින් පවතින තංගල්ල ඩිපෝවේ , අංගනය , සේවක විවේකාගාර ගොඩනැගිල්ල ඇතුළු පරිශ්‍රය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුවය .
මෙලෙස දැඩි ලෙස විනාශ වෙමින් පවතින තංගල්ල බස් ඩිපෝවේ ප්‍රතිසංස්කරණ කටයුතු එහිදී රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා අතින් ආරම්භ කෙරිණ . මේ සදහා රුපියල් ලක්ෂ 25 කට අධික මුදලක් වැය කිරීමට නියමිතය .
වසර සියකට වඩා පැරණි මෙම බස් ඩිපෝව වසර 40කින් පමණ ප්‍රතිසංස්කරණයකට ලක් කර නොමැති බවට සේවකයෝ එහිදී පෙන්වා දුන්හ . එය නිරීක්‍ෂණය කළ දිලිප් වෙදආරච්චි මහතා මෙවැනි මහජන දේපළ මෙලෙස විනාශ වීමට ඉඩදිය නොහැකි බව අවධාරණය කර එහි අලුත්වැඩියා කටයුතු කඩිනමින් සිදු කිරීමට අවශ්‍ය සියළු පියවර ගන්නා බවද , සේවක නේවාසිකාගාරයත් ඉක්මනින්ම අළුත් වැඩියා කර දෙන බවද පැවසීය.
AP