නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාසිකව 75,000 ඉක්මවන ස්වයං රැකියා සංවර්ධන වැඩසටහන් මාලාවක්

    සැප්තැම්බර් 20, 2016
    ඉදිරි වසරේ දී, දිවයින පුරා එක් පුද්ගලයකුට මාසිකව රුපියල් 75,000ක් ඉක්මවූ ආදායමක් ලබා ගත හැකි ස්වයං රැකියා සංවර්ධන වැඩසටහන් මාලාවක් දියත් කරන බව ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා පැවසීය.
     
    එම අමාත්‍යාංශයට වසරක් පිරීම නිමිත්තෙන් ඊයේ (19) කැඳවා තිබූ විශේෂ ප්‍රගති සමාලෝචන රැස්වීම අමතමින් අමාත්‍යතුමන් සඳහන් කළේ ඒ වෙනුවෙන් මේ වන විටත් සැලසුම් සකස් කර අවසන් බවයි.
     
    මෙම අරමුණු සාක්ෂාත් කරගැනීමේ දී තරුණයින්ගේ හා කැපවී වැඩ කරන අයගේ සහාය නිරන්තරයෙන්ම අපේක්ෂා කරන බව ද අමාත්‍යතුමා සඳහන් කළේය.
     
    වසර පහක සැලසුම්ගත වැඩපිළිවළට අනුව, පළමු වසර ගෙවී ගියේ සැලසුම් සකස් කිරීමට හා සංවර්ධන කටයුතු වෙනුවෙන් අවශ්‍ය අඩිතාලම සකස් කිරීමට බව සඳහන් කළ අමාත්‍යතුමා වැඩිදුරටත් කියා සිටියේ, සියලු දෙනාගේ ශක්තිම හා කැපවීම තුළින් ඉදිරි වසර හතර තුළ අපේක්ෂිත ඉලක්කයන් වෙත ලගා වීම අරමුණ බවයි.
     
    මේ අනුව දැනට සැලසුම්කර ඇති වැඩසටහන් සම්බන්ධයෙන් අදහස් දැක්වූ අමාත්‍ය දයා ගමගේ මහතා, "අපි සැලසුම් කරලා තියනවා නව ව්‍යාපෘතියක් ලෙස අන්නාසි වගා වැඩසටහනක් දියත් කරන්න.  මේ යටතේ අක්කර 25,000ක අන්නාසි වවන්න අපේක්ෂා කරනවා. විශේෂයෙන්ම පොල් වගාව ආශ්‍රිතව ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තුවෙන අතුරු වගාවක් ලෙසයි මෙම වැඩසටහන සැලසුම් වෙන්නේ. ඒ අනුව, ගම්පහ, කුරුණෑගල හා පුත්තලම දිස්ත්‍රික්කවල අන්නාසි පැල මිලියන 750ක් අපි වගා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ අනුව, අපේක්ෂිත ආදායම රුපියල් බිලියන 7.5ක්" යැයි ද කීය.
     
    "ඒ වගේම, කප්රුකට ගම්මිරිස් ව්‍යාපෘතිය යටතේ අපි බලාපොරොත්තු වෙනවා දැනට සිදු කෙරෙන ගම්මිරිස් ඵල නෙළීම තුන් ගුණයකින් වැඩි කරන්න. ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික හා විද්‍යාත්මක සහාය ලබා දෙමින් වගාකරුවන් දිරිගන්වන්න අපි කටයුතු කරගෙන යනවා. දැනටමත් අපි ආරම්භ කරලා තියන ධනසවිය වැඩසටහන හරහා සෑම ඡන්ද මධ්‍යස්ථානයක් ආශ්‍රිතවම කාන්තාවන් මෙම වැඩසටහන සම්බන්ධ කර ගනිමින් කාන්තාවන් දස ලක්ෂයක් මේ යටතේ සවිබල ගන්වන්න සැලසුම් කරලා තියනවා".
     
    මේ අතර, මේ වන විටත් ලෝක වෙළඳපොළ තුළ ඉල්ලුමක් ඇති දේශීය කුරුඳු හා කුළුබඩු සම්බන්ධ ආදායම ඉහළ නැංවීමට අදාල සැලසුම්ගත වැඩසටහන් කිහිපයක් සම්බන්ධයෙන් ද අමාත්‍යතුමා මෙහිදී අදහස් දැක්වීය.
     
    අලුතින් කුරුදු අක්කර 25,000ක් වගාව සඳහා හදුන්වාදීමට අපි බලාපොරොත්තු වන බවත් මේ හරහා ලෝක වෙළඳපොළේ තියන ඉල්ලුමට අනුව සැකසුම තවදුරටත් පුළුල් කරන්නත් අපිට හැකියාවන බව පෙන්වාදුන් අමාත්‍යවරයා දිවයින පුරා කාන්තාවන් මූලික කර ගනිමින් මී මැසි පෙට්ටි ලක්ෂයක් ස්ථාපිත කරන්න අමාත්‍යාංශය අඳහස් කරගෙන යන බවත් කිතුල් ආශ්‍රිත නිෂ්පාදනවලින් ලබා ගත හැකි ආදායම හා ඒ මගින් කළ හැකි නව නිෂ්පාදන හා නිමැයුම් සම්බන්ධයෙන් අවධානය යොමු කරලා කටයුතු කිරීමට කටයුතු කරගෙන යන බවත් වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
     
    මෙම අවස්ථාවට ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශයේ හා අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගීව සිටියහ.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya