මේ වන විට දකුණු පළාතේ ගොවි ජනතාව වෙත කාබනික බෝග වගාව ප්‍රචලිත කිරීමේ ව්‍යාපෘතිය සාර්ථකව ක්‍රියාත්මක කර ඇත. මෙම ව්‍යාපෘතිය පළාත් නමයේ ආණ්ඩුකාරවරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා උපදෙස් දී ඇත. ඒ සඳහා ඒ ඒ පළාත්වල කෘෂිකර්ම හා අධ්‍යාපන අමාත්‍යංශය පහසුකම් සපයයි.
රසායනික පොහොර භාවිතා කර වගා කරන බෝග පරිභෝජනය කිරීම නිසා දිවයිනේ බෝහෝ පළාත්වල වකුගඩු රෝග ඇතුළු බෝනොවන රෝග රැසක් වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බව වෛද්‍යවරුන්ගේ මතයයි. මීට පිළියමක් ලෙස රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර සහ සාම්ප්‍රදායික කෘෂිකර්මාන්ත විධික්‍රම භාවිතා කර බෝග වගාවන් වෙත ජනතාව යොමු කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි. සහල්, එලවළු සහ පළතුරු ඇතුළු කාබනික පොහොර භාවිතයෙන් නිෂ්පාදනය කළ ආහාර බෝග සඳහා දිවයිනේ මේ වන විට ඉහල ඉල්ලුමක් පවති. එම ආහාර බෝග වර්ග සුපිරි වෙළදපලවල් ඇතුළු වෙළෙඳ මධස්ථානවල ඉතා ඉහළ මිලකට අලෙවි වේ.
මහ සහ කුඩා පරිමාණ ගොවිපලවල් ,ගෙවතු වගා සහ කෙත්වතු ඇතුළු ක්ෂේත්‍ර ගණනාවකින් සබරගමු පළාත පුරා කාබනික බෝග වගාව ප්‍රචලිත කිරීමට සබරගමු පළාත් සභාව මේ වන විට කටයුතු කර ඇත. දෙස් විදෙස් සංචාරකයින් වෙතද මෙම ආහාර බෝග ප්‍රචලිත කිරීම සඳහා ඉදිරියේ දී සංචාරක නිකේතන ද සම්බන්ධ කර ගෙන කටයුතු කිරීමට සබරගමු පළාත් සභාව මේ වන විට සැලසුම් කර ඇත.
මෙම අවස්ථාවට අති පූජ්‍ය ආචාර්ය ඕමල්පේ සෝභිත නාහිමි, දකුණු පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර, සබරගමුව පළාත් ආණ්ඩුකාර ජනාධිපති නීතීඥ මාර්ෂල් පෙරේරා, පළාත් මහ ඇමති මහීපාල හේරත්, පළාත් කෘෂිකර්ම අමාත්‍ය ශ්‍රීලාල් වික්‍රමසිංහ, පළාත් සභා සභාපති කංචන ජයරත්න යන මැති ඇමතිවරු ඇතුළු පළාත් සභා පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු පිරිසක් ද, පළාත් ප්‍රධාන ලේකම් හේරත් පී. කුලරත්න සහ පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ කේ. ප්‍රේමසිරි කරවිට යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් විශාල පිරිසක් ද සහභාගී වූහ.