එබැවින් 2016 සැප්තැම්බර් 27 වැනි දින සිට ඔක්තෝබර් 03 වැනි දින දක්වා ප්‍රකාශයට පත් කොට ඇති ජාතික මදුරු මර්ධන සතිය මුල් කර ගනිමින් සංවිධානාත්මක වැඩපිළවෙලක් යොදා මදුරුවන් බෝවන ස්ථාන මර්ධනය කිරීමට අවශ්‍ය කටයුතු යොදන ලෙස සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ ලේකම් විසින් මහනුවර දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුව වෙත ලිපියකින් දැනුම් දී තිබේ.
ඉදිරියේදී එළඹෙන ඊසාන දිග මෝසම් වැසි සමයත් සමග මෙම තත්වය වසංගත තත්වයක් දක්වා වර්ධනය වීමේ අවදානමක් පවතින බව පෙන්වා දෙන ලේකම්වරයා දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවට දැනුම් දී තිබෙන්නේ දිස්ත්‍රික් ඩෙංගු මර්ධන කමිටුව කැදවා ඊට සෘජු දායකත්වයක් සපයන ලෙසයි. ඒ අනුව ප්‍රාදේශීය සහ ග්‍රාමීය මට්ටමින් පිහිටුවා ඇති ඩෙංගු මර්ධන කමිටු රැස් කොට ඔවුන්ගේ සක්‍රීය දායකත්වයද ලබා ගෙන මදුරුවන් බෝවන ස්ථාන තුරන් කිරීමටත් අවශ්‍ය අනිකුත් පියවර ගැනීමටත් කටයුතු කරන ලෙසද ලිපියෙන් දැනුම් දී තිබේ.
ඩෙංගු මර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී දිස්ත්‍රික් ලේකම්වරයාගේ අධීක්ෂණයෙන් සිටින ප්‍රාදේශීය ලේකම්වරු, ග්‍රාම නිලධාරීන් ඇතුළු ක්ෂේත්‍ර නිලධාරීන්ගේ සහාය ලබා දෙන ලෙසත් අවශ්‍ය අවස්ථාවලදී ඒ සදහා අවශ්‍ය වාහන පහසුකම් ලබාදෙමින් ඊට අවශ්‍ය සහයෝගය ලබා දෙන ලෙසත් ලේකම්වරයා මහනුවර දිස්ත්‍රික් සම්බන්ධිරකණ කමිටුවෙන් ඉල්ලා ඇත.
AP/DMU-Kandy