නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිස්ත්‍රික් රැකියා පොළ හා ස්වයං රැකියා අත්වැල වැඩසටහන 25 දා රත්නපුරදී.

    සැප්තැම්බර් 17, 2016
    දිස්ත්‍රික් රැකියා පොළ හා ස්වයං රැකියා අත්වැල වැඩසටහන කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍ය ඩබ්.ඩී.ජේ.සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මේ මස 25 වන දින පෙ.ව.8.30 සිට ප.ව.2.00 දක්වා රත්නපුර ධර්මපාල මහා විද්‍යාලයේදී පැවැත්වීමට කටයුතු  සංවිධානය කර ඇතැයි රත්නපුර දිස්ත්‍රික් ලේකම් බන්දුල හරිශ්චන්ද්‍ර මහතා පැවසීය.
    මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණු වනුයේ රැකියා සපයන ආයතන හා රැකියා අපේක්ෂිතයින් මුණගැස්වීම, රැකියා අපේක්ෂිතයින්ට වැඩලෝකය පිළිබඳ අවබෝධය ලබා දීම,රැකියා අපේක්ෂිතයින්ට වෘත්තීය මාර්ගෝපදේශය හා වෙනත් තොරතුරු සැපයිම හා පුහුණු ආයතන හා ස්වයං රැකියා පහසුකම් සපයන ආයතන පිළිබඳව රැකියා අපේක්ෂිතයින් දැනුවත් කිරීම බව ඒ මහතා සඳහන් කරයි.
     
    දේශීය හා විදේශීය ඇබැර්තු සඳහා සුදුසු පුද්ගලයින් බඳවා ගැනීම,ශ්‍රම වෙළෙඳපළ පිළිබඳ රැකියා සපයන ආයතනවලට අවබෝධයක් ලබා ගත හැකිවීම, අනාගතයේ ඇති වන රැකියා ඇබැර්තු අපේක්ෂිතයින්ගේ දත්ත රැස්කර ගත හැකිවීම හා පුහුණු පාඨමාලා තොරතුරු හා ස්වයං රැකියා පිළිබඳ මහජනතාව දැනුවත් කල හැකිවීම යන ප්‍රතිලාභ මෙහිදි ලබා ගත හැකි බව ද එබැවින් මෙම වැඩසටහනට සම්බන්ධ වන සෑම පාර්ශ්වයකටම මෙය මා හැඟි අවස්ථාවක් බව ද දිස්ත්‍රික් ලේකම් බන්දුල හරිශ්චන්ද්‍ර මහතා වැඩිදුරටත් සඳහන් කරයි.
     
    මිනිස් බල හා රැකි රක්ෂා දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් හා රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ රැකියා සේවා මධ්‍යස්ථානයේ මූලිකත්වයෙන් මෙම වැඩ සටහන සංවිධානය කර ඇත.
     
    AP/DMU-Ratnapura
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya