නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අධිකරණ ඇමති අධිකරණ කලාපවල නිරීක්ෂණ චාරිකාවක

    සැප්තැම්බර් 13, 2016
    කාර්යක්ෂම අධිකරණ සේවාවක් මහජනතාවට ලබාදීම සඳහා දිවයිනේ දැනට තිබෙන අධිකරණ සංකීර්ණවල හා අධිකරණ කලාපවල ගොඩනැගිලිවල පවතින අඩුපාඩු නිරීක්ෂණය කර මහජනතාවට වඩාත් පහසුවෙන් අධිකරණ සේවා ලබාගැනීමට හැකිවන පරිදි අධිකරණ පද්ධතිය දියුණු කිරීම සඳහා අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා අද (13) සහ හෙට (14) දිනවලදී අධිකරණ කිහිපයක නිරීක්ෂණ චාරිකාවක නිරතවීඹට නියමිතය.
     
    ඒ අනුව ආනමඩුව, නිකවැරටිය, ගල්ගමුව සහ පොළොන්නරුව අධිකරණවල නිරීක්ෂණ කටයුතු සිදු කෙරේ.
     
    මෙම නිරීක්ෂණ චාරිකාව සඳහා අධිකරණ අමාත්‍යංශයේ ලේකම් පද්මසිරි ජයමාන්න, ශ්‍රී ලංකා නීතිඥ සංගමේ ජ්‍යේෂ්ඨ නිලධාරීන්, අධිකරණ සේවා කොමිෂන් සභාවේ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගිවන අතර දැනට ඉදිකිරීම් කටයුතු අවසන් වී ඇති අධිකරණ ශාලා විවෘත කිරීමේ කටයුතු පිළිබඳ ව ද මෙම නිරීක්ෂණ චාරිකාවන් හි දී සාකච්ඡා කරනු ඇත.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya