ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ඒ මහතාගේ 2016 වසරේ විමධ්‍යගත ප්‍රතිපාදන මත යටවත්ත ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ ලියාපදිංචි සමිති සමාගම්,දහම් පාසල්,ආගමික සිද්ධස්ථාන,පෙර පාසල්, ක්‍රිඩා සමාජ සදහා පහසුම් සම්පාදනය කිරිමේ අරමුණින් රුපියල් ලක්ෂ 46ක ප්‍රතිපදාන ලබා දිම සඳහා යටවත්ත ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේදි පැවති උත්සවයකදිය.
වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍ය වසන්ත අලුවිහාරේ මහතා මෙසේද පැවසිය.
වත්මන් රජය විසින් 2017 වසර රට දිළිදුකමින් නිදහස් කිරිමේ වසර ලෙස නම් කිරිමට මේ වන විටත් ක්‍රියාත්මක වෙමින් පවතිනවා.මේ අද ලබා දෙන විවිධ ප්‍රතිපාදන සදහා රජය විශාල මුදල් ප්‍රමාණයක් යොදවා තිබෙනවා.රජයේ ආර්ථික සංවර්ධන වැඩපිළිවෙල ආර්ථික වර්ධනය පමණක් ඉලක්ක කොටගෙන ක්‍රියාත්මක වන්නේ නැහැ.සමාජ ආරක්ෂණය ආදායම් බෙදියාමේ විෂමතාවය අවම කිරිම,පළාත් හා දිස්ත්‍රික් මට්ටමින් සිදු කරන සංවර්ධන යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරිමට පියවර ගන්නවා. ග්‍රාමිය සංවර්ධනය සදහා අපි ප්‍රමුඛතාවය ලබා දෙනවා.ග්‍රාමිය වශයෙන් ව්‍යවසායකයින් 25,000 බිහිකිරිමට වත්මන් රජය පියවරගෙන තිබෙනවා.මාතලේ දිස්ත්‍රික්කය තුළ අපි විශාල සංවර්ධන යෝජනා ක්‍රම මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතිනවා.ඉදිරියේදීද සංවර්ධන වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරිමට මේ වන විට සැලසුම් සකස් කර ඇති බවද අමාත්‍ය වසන්ත අලුවිහාරේ මහතා පැවසිය.
AP/DMU-Matale