නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාතලේ රැකියා ලබා දීමේ වැඩ සටහනක්

    සැප්තැම්බර් 08, 2016
    අපිත් රැකියාවක් නොමැතිව දැඩි වෙහෙසට පත්වූ යුගයක් තිබුණු බවත් දරුවකු තරුණ වයසට පත් වූ පසුව ජීවිතයේ යම් වටිනාකම් ලබා ගැනිම සදහාත් ආර්ථීක වශයෙන් ශක්තිමත් විම සදහාත් රැකියාවක් ලබා ගත යුතු බව මාතලේ ප්‍රාදේශීය මහ ලේකම් කේ.පී.එල්.පී. මධුවන්ති මහත්මිය පැවසීය.
    ප්‍රාදේශිය ලේකම්වරිය මෙම අදහස් ප්‍රකාශ කළේ අද (08 ) දා මාතලේ ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ දී ආරම්භ කළ රැකියා 100 ක් ලබා දිමේ වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට එක් වෙමිනි.
     
    අපි යම් දිනක මේ රාජ්‍ය සේවයෙන් විශ්‍රාම යන විට ඔබ අනාගත පරම්පරාව ලෙස රාජ්‍ය සේවයට සූදානම් කිරිම සදහා මෙවැනි වැඩසටහන් සංවිධානය කර ඔබව දැනුවත් කිරීමට කටයුතු කරනවා. අධ්‍යපන හා වෙනත් වෘත්තිය සුදුසුකම් මත රැකියාවල යොමු කිරිම මේ තුළින් සිදු වෙන බවත් ඔබට ලැබෙන රැකියාව අධ්‍යාපන සුදුසුකම්වලට ප්‍රමාණවත් නොවුණත් ඔබ එම ආයතනය තුළ දක්ෂතා හා හැකියාවන් පෙන්විම තුළින් ඉදිරියට යා හැකි බවත් ලේකම්වරිය වැඩිදුරට අදහස් දක්වමින් ප්‍රකාශ කළාය.
     
    මෙම වැඩසටහන මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, මාතලේ ප්‍රාදේශිය ලේකම් කාර්යාලය හා මිනිස් බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තු එක්ව සංවිධානය කර තිබුණ අතර රැකියා අපේක්ෂක තරුණ තරුණියන් 200 ක් පමණ මේ සදහා සහභාගි  විය.
     
    AP/DMU-Matale
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya