අමාත්‍යවරයා මේ අදහස් පළකළේ පසුගියදා මධ්‍යම පළාත් සභාවේ සභාපති එල්.ඩී. නිමලසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මධ්‍යම පළාත් සභා රැස්වීමේදීය.
වෛද්‍යවරයෙක් විසින් නිකුත් කළ ඖෂධ වට්ටෝරුවකට පසුගියදා ඖෂධ අලෙවිසැලකින් නිකුත් කළ වැරදි ඖෂධයක් නිසා නුවරඑළිය ප්‍රදේශයේ කාන්තාවක් මිය යෑම සම්බන්ධ කරගනිමින් මධ්‍යම පළාත් සභා මන්ත්‍රී පිලිප් කුමාර් විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මෙම කරුණු දැක්වීම සිදු කරන ලදී.
මෙහිදී කරුණු දැක්වූ මධ්‍යම පළාත් සෞඛ්‍ය අමාත්‍යවරයා මියගිය කාන්තාව හා සම්බන්ධ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් කෙරෙන බවත්, අදාල ඖෂධ අලෙවිසැලේ ඖෂධවේදියා සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු තව දුරටත් සිදු කිරීමට නියමිත බවත්ය. ඖෂධ අලෙවිසලක් පවත්ගෙන යෑමට බලපත්‍රයක් හිමි අවසරලත් ඖෂධවේදියෙක් සිටිය යුතු වුවත්, බොහෝ ස්ථානවල එවැනි බලපත්‍රලාභී ඖෂධවේදීන් නොමැති බවද අමාත්‍යවරයා පෙන්වා දෙන ලදී. ඇතැම් බලපත්‍රලාභීන් තම බලපත්‍රය වෙනත් අයට අලෙවි කිරීමේ ව්‍යාපාරයක්ද සිදු කරන බව පෙන්වා දුන් අමාත්‍යවරයා බොහෝ ඖෂධ අලෙවිසැල්වල සිටින්නේ වෙළද සහායකයන් පමණක් බවද පැවසීය.
මේ ගැටළුව සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා වෛද්‍යවරුන්ද හැකි සෑම විටම ඖෂධ වට්ටෝරු නිකුත් කිරීමේදී ඒවා කියවීමට සුදුසු පරිදි පැහැදිලිව ලිවීමටද සැලකිලිමත් වන්නේ නම් මෙවැනි අවාසනාවන්ත සිදුවීම් අවම කරගත හැකි බව පෙන්වා දෙන ලදී.
මධ්‍යම පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂගේ ප්‍රධානත්වයෙන් ඖෂධ අලෙවිසැල් පිළිබද සිදු කෙරෙන පරීක්ෂණ සිදු කෙරෙන බව පැවසූ අමාත්‍යවරයා මෙහිදී ඖෂධසැල්වල ප්‍රමිතිය ඇතුළු සෙසු නිර්නායක පිළිබදවද දැඩි ලෙස සැලකිලිමත් වන බවද පෙන්වා දෙන ලදී.
AP/DMU-Kandy