පරිසර යුක්ති කේන්ද්‍රය, පරිසර අමාත්‍යංශයේ දේශගුණ විපර්යාස පිළිබඳ කාර්යාලය, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන සහ ජාන තාක්ෂණ ආයතනය එක්ව සංවිධානය කරන මෙම සමුළුව සඳහා දේශීය මෙන් ම විදේශීය පරිසර විශේෂඥයෝ, රාජ්‍ය නිලධාරීන් මෙන් සිවිල් සංවිධාන නියෝජිතයන් 200ක් පමණ සහභාගිවීමට නියමිතය.
ශ්‍රී ලංකා ජර්මානු තානාපති කාර්යාලයේ පූර්ණ අනුග්‍රහය ඇති ව මෙම සමුළුව පවත්වයි.
මෙම සමුළුව අවසානයේ දී මෙරට සියලු රාජ්‍ය ආයතන දේශගුණ විපර්යාස සඳහා සූදානම්වීමට ගෙන ඇති පියවර පිළිබඳ ව ඒකාබද්ධ තොරතුරු ප්‍රකාශයක් එළිදක්වනු ඇත.