නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තත්ත්ව පරීක්ෂා කරන ලද කාබනික පොහොර නිෂ්පාදනය ඇරඹේ

    සැප්තැම්බර් 04, 2016
    "කාබනික ගොවිතැනක්  - නිරෝගී ජනතාවක්" උදෙසා තත්ත්ව පරීක්ෂා කරන ලද කාබනික පොහොර භාවිතය ව්‍යාප්ත කිරීමේ වැඩසටහන හා මිහිජය පෙහොර භාවිතය ජනගත කිරීම පසුගිය දා මහා නගර හා බස්නාහිර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ ප්‍රධානත්වයෙන් දියත උයනේ දී සිදු විය.
     
    මෙහිදී අඳහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ජනතාවටත් ආණ්ඩුවටත් විසඳීමට ඇති ප්‍රධාන ප්‍රශ්න අතර ඝන අපද්‍රව්‍ය, කැලිකසල, බෝනෙවන රෝග හා හොඳ පරිසරයක් පිළිබඳ අභියෝගය ද වනවා මෙන් ම මේ සඳහා ස්ථීර විසඳුමක් සෙවීමට මූලික අඩිතාලම යොදා ඇති බවත්ය.
     
    මෙම ව්‍යාපෘතිය ස්ථීර විසඳුමක් නොවුනත් මෙමගින් කැලි කසල ප්‍රශ්නයට විසඳුමක් ලැබෙන බවත් එයින් අපේ රටේ රසායනික පොහොර ඉවත්වන බවත් මෙමගින් බෝ නොවන රෝග අඩුවිය හැකි බවත් අමාත්‍යවරයා පැවසීය.
     
    ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව, මධ්‍යම පරිසර අධිකාරියේ මූල්‍ය අනුග්‍රහයෙන් පළාත් පාලන ආයතන හා එක්ව මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය මෙම ව්‍යාපෘතිය ආරම්භ කොට ඇත.
     
    මෙම පොහොර නගර සභා අපද්‍රව්‍ය යොදාගෙන සාදන අතර මෙහි බැර ලෝහ පවතින්නේ SLS අනුමත ප්‍රමාණවලට වඩා 1%ක ප්‍රතිශතයක් තරම් අඩු අගයන්වල බව හඳුනාගෙන ඇත. 
     
    මෙම කොම්පෝස්ට් පොහොර මිහිජය නිමින් වෙළෙඳපොලට නිකුත් වන අතර එහි පළමු පියවර යටතේ දියත උයන පරිශ්‍රයේ දී අංක 143 දරන වෙළෙඳ කුටිය සඳුදා, අගහරුවාදා හැර සතියේ සෑම දිනකම උදේ 9.00 සිට රාත්‍රී 9.00දක්වා විවෘත ව පවතී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya