නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සබරගමුව පාරම්පරික මැටි කාර්මාන්තයට කොරියානු සහාය

    සැප්තැම්බර් 04, 2016
    සබරගමු පළාතේ පාරම්පරික මැටි කර්මාන්තය නඟාසිටුවීම සඳහා දකුණු කොරියානු රජයෙන් තාක්ෂණික සහයෝගය ලබාදෙන බව සබරගමුව පළාත් සභාව සඳහන් කරයි.
     
    ඒ අනුව සබරගමු පළාතේ පාරිම්පිරික මැටි කර්මාන්තයේ නියැලෙන කර්මාන්තකරුවන් සඳහා නවීන තාක්ෂණය, දැණුම, පුහුණුව සහ භෞතික සම්පත් ලබාදීම සිදු කෙරේ.
     
    එම ව්‍යාපෘතිය යටතේ ඇහැලියගොඩ පහලගම පාරම්පරික මැටි කර්මාන්තයේ නියලි කර්මාන්තකරුවන් වෙත ප්‍රදානය  කළ විද්‍යුත් සකපුවරු සහ මැටි ඇඹරුම් යන්ත්‍රවලින් සමන්විත මැටි කර්මාන්ත ශාලාව පසුගියදා ජනතා අයිතියට පවරනු ලැබීය. 
     
    දකුණු කොරියාවේ සෙමාවුල් ව්‍යාපෘතිය මේ සඳහා මැදිහත්ව කටයුතු කරයි.
     
    මෙම ව්‍යාපෘතිය යටතේ දකුණු කොරියානු රජය මගින් මේ වනවිට ඇහැලියගොඩ පහලගම ගම්මානයේ යටිතල පහසුකම්  නංවාලීමට ද කටයුතු කර ඇත. ඒ සඳහා කොරියානු රජය රුපියල් ලක්ෂ 170ක් පමණ වැය කර ඇත. ඒ යටතේ පහලගම විද්‍යාලයේ තොරතුරු තාක්ෂණ ඒකකය සහ පුස්තකාලය සංවර්ධනය කර ඇත. මීට අමතරව එම විද්‍යාලයේ ප්‍රවේශ මාර්ගය ද කොන්ක්‍රීට් අතුරා සකස් කර ඇත.
     
    ප්‍රදේශයේ දරුවන් සඳහා කොරියානු ගුරු භවතුන් විසින් කොරියානු භාෂාව ඉගැන්වීම කරනු ලබයි. මෙම ගම්මානයේ මැටි කර්මානතයේ නියැලෙන කර්මාන්තකරුවන් දකුණු කොරියාවේ  පුහුණු පාඨමාලා සඳහා ද යොමු කෙරේ. මැටි නිෂ්පාදන අළෙවි කිරීම සඳහා වෙළෙඳ මධ්‍යස්ථානයක් ඇහැලියගොඩ නගරය කේන්ද්‍ර කර ගනිමින් ඇති කිරීමට  කොරියානු රජය මඟින් අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කර ඇත.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya