මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයිය වෘත්තිය මාර්ගෝපදේශන අංශය හා රැකියා සේවා මධ්‍යස්ථාන මගින් වෘත්තිය මාර්ගෝපදේශන වැඩසටහන සදහා ලියාපදිංචි කරගත් රැකියා අපේක්ෂකයින් සුදුසුකම් මත තෝරා ගැනිමට නියමිතය. මේ සදහා පැමිණෙන රැකියා අපේක්ෂකයින්ගේ ජිවිත අරමුණු ඇති කර ගැනිමත්, රැකියා ලෝකය පිළිබද දැනුවත් කිරිමත්, රැකියා ආයතනවල කාර්ය භාරය පිළිබද දැනුවත් කිරිමටත් කටයුතු සංවිධානය කර ඇත.
මේ සඳහා ප්‍රදේශයේ රැකියා ආබෑර්තු ඇති පෞද්ගලික ආයතන, කර්මාන්ත ශාලා,අර්ධ රාජ්‍ය ආයතන හා බැංකු සම්බන්ධ කර ගැනිමට නියමිතව ඇති අතර දිස්ත්‍රික්කයෙන් පිට ප්‍රමූඛ පෙලේ රැකියා ආයතනවලට තරුණ තරුණියන් 100 ක් තෝරා ගැනිමට නියමිතය.
රැකියා අපේක්ෂකයින් මේ සදහා පැමිණෙන විට තමන්ගේ ජීව දත්ත තොරතුරු ඇතුළත් අයදුම්පත් රැගෙන පැමිණෙන ලෙස දිස්ත්‍රික් මාර්ගෝපදේශන අංශය වැඩි දුරටත් දැනුම් දෙයි.
AP/DMU-Matale