නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාතර රජයේ ඉඩම් සංවර්ධනයට නව වැඩපිළිවෙලක්

    සැප්තැම්බර් 01, 2016
    මාතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් ‍කොට්ඨාස 16 හි පවතින රජයේ ඉඩම් සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය නව වැඩපිළිවෙලක් ක්‍රියාවට නැංවීමට පියවර ගැනේ.
    අදාළ ප්‍රාදේශිය ලේකම් කාර්යාල මට්ටමින් ලබාගත් ව්‍යාපෘති යෝජනා අනුව මෙහි ඉදිරි කටයුතු සිදු කෙරේ. ඒ යටතේ  ප්‍රධාන වශයෙන් වැඩ යෝජනා හතරක් ක්‍රියාත්මක කිරීමට නියමිත ය. රජයේ ඉඩම්වල පාංශු සංරක්ෂණය, රජයේ රක්ෂිත සංරක්ෂණය, රක්ෂිතවල වන වගාව සහ මැනුම් කිරීමකින් තොරව දීමනා පත්‍ර ලබා දී ඇති ඉඩම් සඳහා මැනුම් සිදුකර දීමනා පත්‍ර ලබා දීම ඒ අතර ප්‍රධාන වේ.
     
    දකුණු පළාත් ඉඩම් කොමසාරිස් වරයාගේ මෙහෙයවීම මත  මෙහි ඉදිරි කටයුතු සිදු කෙරේ.
     
    AP/DMU-Matara
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya