නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පළමු කැස්බෑ සංරක්ෂණාගාරය දොඩම්දුවේදී

    අගෝස්තු 31, 2016
    රජයේ අනුග්‍රහයෙන් ඉදිවන පළමු කැස්බෑ සංරක්ෂණාගාරය දොඩම්දුවේදී ප්‍රදේශයේදී ඉදිකිරීමට සියළු කටයුතු සූදානම් බව අනාවරණය වේ.
    පසුගියදා ගාල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකු පෝතාගම මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති ගාල්ල දිස්ත්‍රික් කෘෂීකර්ම කමිටු රැස්වීමේදී වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ හික්කඩුව උද්‍යාන භාරකරු කසුන් තරංග මහතා මේ බව අනාවරණය කරන ලදී. 
     
    එමෙන් ම මාදු ගඟ ආශ්‍රිතව ධාවනය වන මෝටර් බෝට්ටු නිසාවෙන් හටගෙන ඇති පාරිසරික අවදානම් තත්වයන් පිළිබඳව ද මෙහිදී විශේෂ අවධානය යොමු වූ අතර  ඒ සඳහා අවශ්‍ය උපදෙස් බලධාරීන්ට ලබා දීම සිදු විය. අම්බලන්ගොඩ, රත්ගම ප්‍රදේශයන්හි පසුගිය කාලයන්හි ඇතිවු රතු කුරුමිණි පොල් උවදුර සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය විසින් මේ වන විට ප්‍රදේශවාසීන් දැනුවත් කර ඇත. එය ඉතා සාර්ථක මට්ටමින් මැඩපැවැත්විය හැකි බවට ඔවුහු සහතික වූහ.
     
    ඉදිරියේ දී නියාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට රඹුටන් වගාව ව්‍යාප්ත කිරීමේ අරමුණින් රඹුටන් පැල 1000 ක් වගා කරුවන් 18 දෙනෙකු වෙත බෙදා හැරීමට නියමිත අතර හොරණ පළතුරු පර්යේෂණ හා සංවර්ධන ආයතනය මගින් මෙම පැල ප්‍රදානය සිදු කිරීමට නියමිතය.
     
    AP/DMU - Galle
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya