දකුණු පළාතේ සංවර්ධන කටයුතු වෙනුවෙන් යෙදවෙන පළාත් නිශ්‍රිත සංවර්ධන අරමුදල් උපයෝගී කර ගනිමින් මාතර දිස්ත්‍රික්කයේ කඹුරුපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පොදු ස්ථාන තුනක් සඳහා විදුලි බලය ලබා දීමට පියවර ගැනේ. ඒ අනුව රන්සෑගොඩ පුරාණ විහාරස්ථ ශ්‍රී දේවානන්ද පෙර පාසලට, උල්ලල බටහිර ග්‍රාම නිලධාරී කාර්යාලයට සහ සපුගොඩ ග්‍රාම නිලධාරී කාර්යාලයට විදුලිය ලබා දේ. මේ සඳහා රුපියල් 64,600 ක මුදල් ප්‍රතිපාදන වෙන්කර තිබේ. AP/DMU-Matara