දිස්ත්‍රික්කයට ඇතිවන හදිසි ආපදා තත්වයකදී උක්ත කරුණට අදාළව ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් පවතින සෞඛ්යම හා කඳවුරු කළමනාකරණමය තත්වයන් පිළිබද පුහුණූ වැඩමුළුවක් මේ මස 29 හා 30 දෙදින තුල්හිරිය මාස් පැබ්රික් පුහුණු මධ්‍යස්ථානයේදී පැවැත්විමට කෑගල්ල් දිස්ත්‍රික් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය කටයුතු සම්පාදනය කර ඇත.
මෙම වැඩ මුළුව ආපදා කළමනාකරණ ක්ෂේත්රයේ විශේෂඥයින් හා ප්‍රවීණයන් විසින් සිදු කරනු ලබන අතර දින දෙකක පුර්ණ කාලීන නේවාසික වැඩමුළුවක් ලෙසින් ක්‍රියාත්මක කිරීම සඳහා සැලසුම් කර ඇත.
AP/DMU-Kegalle