නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සංචාරක හෝටල් ක්ෂේත්‍රයේ රැකියා සදහා යොමු කිරීමේ වැඩපිළිවෙළක් අනුරාධපුරයේදී

    අගෝස්තු 26, 2016
    අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ මට්ටම දක්වා අධ්‍යාපනය ලද තරුණ තරුණියන් සදහා හෝටල් ක්ෂේත්‍රයේ  රැකියා ලබාදීමේ වැඩපිළිවෙලක් අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කිරිමට පියවර ගෙන තිබේ.
    මෙම නව වැඩ සටහන ආරම්භ කර ඇත්තේ සංචාරක අමාත්‍යංශය, අනුරාධපුර දිස්ත්‍රික් හෝටල් හිමියන්ගේ සංගමය හා අනුරාධපුර හෝටල් පාසල  හා අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය යන ආයතන ඒකාබද්ධයි.මෙහිදි පළමුව හෝටල් ක්ෂේත්‍රයේ විවිධ අංශ පිළිබදව මාස තුනක පුහුණුවක් ලබාදීමට නියමිතය. අදාල පුහණු කාල සීමාව සදහා  එක් පුහුණු ලාභියකු වෙනුවෙන් රුපියල්  15,000 ක මුදලක් වැය කිරිමට සංචාරක අමාත්‍යංශය එකග වී ඇත. සියලුම පුහුණු කටයුතු අනුරාධපුර හෝටල් පාසල තුළ හා ප්‍රධාන පෙළේ හෝටල් කේන්ද්‍ර කරගෙන සිදු කරයි. පුහුණු කාලය තුල නොමිලයේ නවාතැන් හා ආහාර පාන ලබාදීම අනුරාධපුර හෝටල් සංගමය මගින් සිදුකරන බව එම සංගමයේ ලේකම් ඩේමියන් පෙරේරා මහතා පැවසීය. 
     
    රැකියා විරහිතව සිටින තරුණ තරුණියන්  දිරි ගැන්වීම හා ඔවුනට ස්ථිර වශයෙන් රැකියාවක් හිමිකර දිමේ මෙම නව වැඩපිළිවෙළ අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ඩී.පී.ජී. කුමාරසිරි මහතාගේ උපදෙස් පරිදී  සම්බන්ධිකරණය කරනු ලබන්නේ අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මගිනි.
     
    අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රධාන පෙළේ සංචාරක හෝටල් 100 කට අධික සංඛ්‍යාවක් පවතී. මේ වන විටත් ඒ සෑම ස්ථානයකම විවිධ රැකියා සදහා අවස්ථාව පවතින බව මෙම නව වැඩපිළිවෙළ පිළිබදව අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති රැස්වීමක දී  අනුරාධපුර දිස්ත්‍රික් සංචාරක හා සංචාරක හෝටල් හිමියන්ගේ සංගමයේ ලේකම්වරයා පැවසීය.
     
    ඔවුන් විසින් මෙම වැඩසටහන අඛණ්ඩව පවත්වන අතර ඉදිරියේ දී සංචාරක අමාත්‍යංශයේ අනුග්‍රහය ඇතිව දිවයින පුරා ක්‍රියාත්මක කරන බව ද එම රැස්වීමේ දී අවධාරණය කෙරිණි. විශේෂයෙන්ම ඒ සදහා අනුරාධපුර හෝටල් හිමියන්ගේ සංගමය මගින් මිලියන 10 ක මුදලක් වෙන්කිරිමට ද පියවර ගෙන තිබේ. 
     
    තරුණ තරුණියන් සංචාරක ක්ෂේත්‍රය තුළ රැකියා ගත කිරිමේ මෙම නව වැඩපිළිවෙළට අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ඩී.පී.ජී. කුමාරසිරි , අතිරේක දිස්ත්‍රික් ලේකම් සමන් බන්දුලසේන , සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනයේ සභාපති , අනුරාධපුර සංචාරක හෝටල් හිමියන්ගේ සංගමයේ ලේකම් , සංචාරක අමාත්‍යංශයේ නිලධාරීන් ඇතුළු නිලධාරීන් පිරිසක්  සහභාගි විය.             
     
    AP/DMU-Anuradhapura
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya