පොලොන්නරුව නව කෞතුකාගාරය හා තොරතුරු මධ්‍යස්ථානයේ ඉදි කිරීම් කටයුතු පසුගියදා ආරම්භ කෙරුණි. මේ සදහා වැය කිරීමට නියමිත මුදල රුපියල් මිලියන 500 කි. මෙම මුල් ගල් තැබීමේ අවස්ථාවට සංස්කෘතික අමාත්‍ය එස්.බී නාවින්න, නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම, ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේගුණවර්ධන යන මහත්වරුන් එක් විය. AP/DMU-Polonnaruwa