ජනතා ඉල්ලීම මත සිදුකල මෙම යෝජනාව ක්‍රියාවට නැංවීම සඳහා රුපියල් ලක්ෂ 60 ක් පමණ වැය කර තිබේ.
ඒ අනුව ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් කෝට්ඨාසයේ අංක 25 එච් - අටකොහොට ග්‍රාමනිළධාරී වසමෙහි වැලියල දියපිට ගල්ලන මාර්ගය කොන්ක්‍රීට් අතුරා සංවර්ධනය කිරීම, ඇල්පිටිය නැගෙනහිර ග්‍රාමනිළධාරී වසමෙහි වතුරවල කන්ද ‘‘සේවා පියස” ජනතා අයිතියට පත්කිරීම, අංක 29 සී - ගොලුවාමුල්ල ග්‍රාමනිළධාරී වසමෙහි ගොලුවාමුල්ල මැල්ලුම්වෙල මාර්ගය කොන්ක්‍රීට් අතුරා සංවර්ධනය කොට ජනතා අයිතියට පත්කිරීම සිදු කෙරිණි.
එසේම ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙහි ගොලුවාමුල්ල බටහිර ග්‍රාමනිළධාරී වසමෙහි රාමදොළ වේල්ල මාර්ගය තාර අතුරා සංවර්ධනය කොට ජනතා අයිතියට පත්කිරීම, අංක 29 ඒ - අවිත්තාව ග්‍රාමනිළධාරී වසමෙහි සීවලී මාර්ගය තාර අතුරා සංවර්ධනය කිරීම, වග්ගහවෙල ගලලියද්ද ප්‍රජාශාලාව ජනතා අයිතියට පත්කිරීම, අංක 28 - පහල ඕමත්ත ග්‍රාමනිළධාරී වසමෙහි තේනංගොඩවත්ත මාර්ගය කොන්ක්‍රීට් අතුරා සංවර්ධනය යනාදී ව්‍යාපෘති ජනතා අයිතියට පත් කෙරිණි.
තව ද ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙහි අංක 30 සී - දෙල්පෝන ග්‍රාමනිළධාරී වසමෙහි වඩුමුල්ල කන්ද මාර්ගය කොන්ක්‍රීට් අතුරා සංවර්ධනය කිරීම, අංක 30 ඒ - මැටිවිලිය ග්‍රාමනිළධාරී වසමෙහි සුභගම මාර්ගය කොන්ක්‍රීට් අතුරා සංවර්ධනය කිරීම, අංක 31 ඩී - හිඹුටුගොඩ ග්‍රාමනිළධාරී වසමෙහි මහවත්ත අතුරු මාර්ගය කොන්ක්‍රීට් අතුරා සංවර්ධනය කිරීම මේ අනුව සිදු කර තිබේ.