මාර්ග අනතුරු පිළිබඳ පර්යේෂණ හා සමීක්ෂණ වාර්තාවන්ට අනුව යතුරු පැදි අනතුරු නිසා සිදුවන මරණ සංඛ්‍යාව වැඩිවීමක් දක්නට තිබේ. යතුරු පැදි පැදවීමේදී නිසි ප්‍රමිතියෙන් තොර හෙල්මට් භාවිත කිරීම නිසා සිදුවන අනතුරුවල දී රියදුරාගේ හා මගීන්ගේ ජීවිතවල මාරාන්තික බව ඉතා ඉහළ අගයක් ගන්නා බව හඳුනාගෙන ඇති බැවින් පාරිභෝගික අධිකාරිය මේ සම්බන්ධයෙන් අවධානය යොමු කර වූ බව එම අධිකාරිය පවසයි.
ශ්‍රී ලංකාව තුළ කිසිදු නිෂ්පාදකයකු, ආනයනය කරන්නකු, බෙදාහරින්නකු විසින් හෝ වෙළෙන්‍ඳෙකු විසින් තොග හෝ සිල්ලර වශයෙන් ආරක්ෂක හිස්වැසුම් සඳහා එම ලාංඡනය දරන්නේ නම් මිස එකී හිස්වැසුම් නිෂ්පාදනය, ආනයනය, බෙදාහැරීම, ගබඩා කිරීම, විකිණීම සහ විකිණීම සඳහා ඉදිරිපත් කිරීම නොකළ යුතුය.
මෙම විධානය ලබන සැප්තැම්බර් මස 01දා සිට බලාත්මක කෙරේ. ඉන්පසුව පාරිභභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන නිලධාරින් විසින් වෙළඳපළ නිරීක්ෂණ කටයුතු ආරම්භ කරන අතර මෙම විධානය උල්ලංඝනය කරනු ලබන සියලු ම නිෂ්පාදකයන්, ආනයනකරුවන් , බෙදාහරින්නන් හෝ වෙළෙන්ඳුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව එම අධිකාරිය වැඩිදුරටත් දන්වා සිටී.
මෙම අධිකාරිය විසින් ආරක්ෂක හිස්වැසුම් සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති සහතිකය අනිවාර්ය කරමින් ගැසට් පත්‍රයක් නිකුත් කර ඇත.