නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කෑගල්ල බිම් මල් නිෂ්පාදනය හා බෙදාහැරීමේ මධ්‍යස්ථානයක් බවට පත්කිරීමේ සැලසුමක්

    අගෝස්තු 18, 2016
    කෑගල්ල දිස්ත්‍රික්කය බිම් මල් නිෂ්පාදනය හා බෙදාහැරීමේ මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍යාංශය සැලසුම් කර ඇත.
    මේ යටතේ බිම් මල් බීජ, තාක්ෂණය හා මිල දී ගැනිමේ ක්‍රියාවලිය සදහා රජය මැදිහත්කරුවෙකු ලෙස කටයුතු කරයි. 
     
    මේ පිළිබදව සාකච්ඡාවක් පසුගියදා ගලිගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී පැවැති අතර මෙම අවස්ථාවට ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ලක්ෂ්මන් විජේවර්ධන,ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික සංජීව දික්වැල්ල,කොරියානු සෙමුවුල් ආයතනයේ ශ්‍රී ලංකා අධ්‍යක්ෂ චේ චූ හිසුන්,ලංකා සතොස හා කාගීල් ෆිඩ්සිටි ආයතනවල කළමණාකරුවෝ,සමාද්ධි සංවර්ධන නිලධාරීන් හා බිම් මල් නිෂ්පාදකයෝ ද සහභාගි වී සිටියහ.
     
    AP/DMU-Kegalle
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya