ප්‍රදර්ශණ කුටි 140කින් යුත් මෙම ප්‍රදර්ශණය සෞඛ්‍ය අමාත්‍යවරයා නිරීක්ෂණය කිරීමෙන් පසු මාධ්‍යට අදහස් පළ කරමින් ප්‍රකාශ කර සිටියේ වෛද්‍ය රසායනාගාර ප්‍රදර්ශණයක් මෙලෙස පැවැත්විම හොඳ ආරම්භයක් බවයි.
දකුණු ආසියානු රටවල වෛද්‍ය උපකරණ නිපදවන සමාගම් බොහෝමයක් සිය නිෂ්පාදන මෙම ප්‍රදර්ශණයට එක්කර තිබෙන බවත්, නව තාක්ෂණය ඇතුලත් භාණ්ඩ ද එහි වන බවත්, ප්‍රදර්ශණය වාර්ෂිකව පැවැත්වීමට ඔවුන් තීරණය කර ඇති බවත් අමාත්‍යවරයා විසින් ප්‍රකාශ කරන ලදි.
එමෙන්ම මෙම උපකරණ ශ්‍රී ලාංකිකයන් තුළ ජනප්‍රිය කරවීම ද ඉතා වැදගත් වන බවත් අමාත්‍යවරයා පැවැසීය.
මෙම අවස්ථාවට අමාත්‍යවරුන් වන සුසිල් ප්‍රේමජයන්ත්, පාඨලී චමිපික රණවක යන මහත්වරු ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ.