මධ්‍යම පළාත් කෘෂිකර්ම අමාත්‍යංශය මගින් සංවිධානය කරනු ලබන මැදරට කෘෂිකර්ම සහ පශු සම්පත් ප්‍රදර්ශණය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අ‌ගෝස්තු මස 18 වැනි දින උදැසන නුවරඑළිය නගර සභා ශාලා පරිශ්‍රයේ දි ආරම්භ කිරීමට නියමිතය. අ‌ගෝස්තු මස 18 සහ 19 යන දිනවල පැවැත්වෙන මෙම ප්‍රදර්ශණය පළාතේ පාසල් දරුදැරියන්, තරුණ ප්‍රජාව, ගොවි ජනතාව සහ පළාතේ කෘෂි ව්‍යවසායකයන් සදහා කෘෂි ක්ෂේත්‍රයේ දැනුම ලබාදීම සහ කෘෂි ව්‍යාපාර ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සංවිධානය කර තිබේ. AP/DMU-Nuwaraeliya