අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ පසුගිය දින මාතර දිස්ත්‍රික්කයේ පොලිස් ස්ථාන විවෘත කිරීමේ වැඩසටහන යටතේ කොටවිල පොලිස් ස්ථානය විවෘත කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වෙමිනි.
මෙම වැටුප් වැඩිකිරීමේ කටයුත්ත සඳහා අමාත්‍යවරයා ලෙස තමන් ද, අමාත්‍යංශ ලේකම්තුමන් ද, අග්‍රාමාත්‍යතුමන්ගේ සහ ජනාධිපතිතුමාගේ ද පුර්ණ සහයෝගය ලැබී ඇති බවද පැවසීය.
රජය ලබාදුන් පොරොන්දුව යටතේ වැටුප් වැඩිකිරීම ලබාදෙන බවත් ජනවාරි පළමු වනදා සිට පසු වැටුප් සමගම එම වැටුප් වැඩිකිරීම සිදුකරන බවද අමාත්‍යවරයා පෙන්වාදෙනු ලැබීය.
ඉදිරියේ දී ත්‍රස්තවාදය වැළක්වීමේ පනත වෙනුවට (PTA) ත්‍රස්ත විරෝධී පනතක් ගෙන එන බවත් රටේ ජනතාව, ස්වාධීනත්වය සහ රටේ ආරක්ෂාව ඇතිකිරීමට අවශ්‍ය බවත් පෙන්වාදුන් ඒ මහතා ඒ සඳහා ජාත්‍යන්තර මට්ටමේ නීති හා උපක්‍රමයන් යොදාගනිමින් පොලිස් සේවය වැඩිදියුණු කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වාදෙනු ලැබීය.