අනතුරුව “රෙවි” යුද නෞකාවේ අණදෙන නිලධාරී ලුතිනන් ස්ටෙෆාන් කොන්ගියුස් (“Lieutenant Stephane Congues) නැගෙනහිර නාවික විධාන මූලස්ථානයේදී, නැගෙනහිර නාවික ආඥාපතිවරයා හමුවී සුහද සාකච්ඡාවක් පැවැත්වූ බවත් “රෙවි” නෞකාව එළඹෙන 18දා දක්වා දිවයිනේ රැඳී සිටින අතර, එම කාල සීමාව තුළ ශ්රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලබන වැඩසටහන් කිහිපයකට ද එහි නැව් මුළුව සහභාගිවීමට නියමිතය.