මෙම ස්වභාවික විපත්වලින් රත්නපුර දිස්ත්‍රික්කයේ නිවාස 4,820 ට හානි සිදු විය. ඒ අතුරින් කලවාන, ඇලපාත, නිවිතිගල, කිරිඇල්ල, කුරුවිට, ඇහැළියගොඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල හානියට පත් නිවෙස් සංඛ්‍යාව 308කි.
මෙම 308 දෙනාට ආපදාවන් සිදු වී මාස තුනක් වැනි කෙටි කාලයක් තුළ ආපදා වන්දි පළමු අදියරේ චෙක්පත් ලබා දීමට ආපදා කළමනාකරණ අමාත්‍යාංශය කඩිනම් පියවර ගෙන ඇත.
මෙම අවස්ථාවට අතිරේක දිස්ත්‍රික් ලේකම් දයානන්ද කොළඹගම, පළාත් සශා මන්ත්‍රි ඉෆ්ලාර් යෙහියා, හිටපු පළාත් සභා විපක්‍ෂ නායක නාලක අතුකෝරළ, කලවාන එක්සත් ජාතික පක්ෂ සංවිධාන සරත්චන්ද්‍ර රාමනායක මහතා ඇතුළු දේශපාලන නියෝජිතයින් රැසක් ද සහභාගී විය.
AP/DMU- Ratnapura