නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආරක්ෂක ලේකම් වන්නි හා උතුරේ සංචාරයක

    අගෝස්තු 15, 2016
    වව්නියාව, කිලිනොච්චි සහ මුලතිව් ප්‍රදේශයන්හි මෙතෙක් ආරක්ෂක හමුදාවන් විසින් භාවිතා කරන ඉඩම් නිදහස් කිරීම සම්බන්ධව සොයා බැලීම සඳහා රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ සහ රජයේ ඉහළ පෙළේ නියෝජිතයන් පිරිසක් පසුගිය දා එහි සංචාරයක නිරත විය.
     
    මෙම නියෝජිත පිරිස දිස්ත්‍රික් ලේකම්වරුන්, අතිරේක ලේකම්වරුන් සහ රාජ්‍ය නිලධාරින් සමඟ එක්ව වන්නි, කිලිනොච්චි සහ මුලතිව් ප්‍රදේශවල ආරක්ෂක හමුදා විසින් භාවිතා කරනු ලබන නිශ්චිත ස්ථාන පිළිබඳව සොයාබැලීම සඳහා යන ලදහ.
     
    එමෙන්ම, ආරක්ෂක ලේකම් ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි මහතා, මෙම සංචාරය සිහිගන්වනු වස් ආරක්ෂක සේනා මුලස්ථාන තුනෙහි විශේෂ අමුත්තන් සඳහා වූ පොත්හි අත්සන් තැබිම ද සිදු කෙරිනි.
     
    ආරක්ෂක ලේකම් ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි, යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා, නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න, ක්‍රියාන්විත අධ්‍යක්ෂ එයාර් වයිස් මාර්ෂල් කේ. යහම්පත්, පරිපාලන අධ්‍යක්ෂ එයාර් වයිස් මාර්ෂල් සී.පී. වැලිකල, රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වසන්තා පෙරේරා සහ කිලිනොච්චිය දිස්ත්‍රික් ලේකම් එස්. අරුමෙයිනායගම්, මුලතිව් දිස්ත්‍රික් ලේකම් ආර්.කේතිෂ්වරි, වන්නි අතිරේක දිස්ත්‍රික් ලේකම් ටි. උදයරාස මහත්ම මහත්මීහු ඇතුලු පිරිස මේ සඳහා සහභාගි වූහ.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya