ඒ අනුව බොකෝවා මහත්මිය අද මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා වහන්සේ වැඳපුදා ගැනීමට නියමිතය. ඉන් අනතුරුව පේරාදෙනිය විශ්වවිද්‍යාලය සහ පේරාදෙනිය රාජකීය උද්භිද උද්‍යානයේ සංචාරයක නිරත වන ඇය සිය සංචාරය සිහිවීම පිණිස පේරාදෙනිය රාජකීය උද්භිද උද්‍යානයේ පැලයක් රෝපණය කිරීමට ද නියමිතය.
ඉන් අනතුරුව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලුකා ඒකනායක මහත්මිය හමුවන බොකෝවා මහත්මිය රාත්‍රී මහනුවර ඓතිහාසික දළඳා පෙරහැර නැරඹීමට ද එක්වනු ඇත.
යුනෙස්කෝ සංවිධානයේ අධ්යක්ෂ ජෙනරාල් Irina Bokova මහත්මිය ඇතුලු දූත පසුගිය 13දා දිවයිනට පැමිණියාය.