නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යෝජිත ව්‍යාපෘති සඳහා චීනයෙන් ආදර්ශනයන් ලබාගත හැකියි

    අගෝස්තු 15, 2016
    ශ්‍රී ලංකාවේ ඉදිකිරීමට බලාපොරොත්තු වන කර්මාන්ත පුර සහ කර්මාන්ත උද්‍යාන සඳහා චොංජිං මහනගරයේ බානන් ශුග්ආන් නාගරික කර්මාන්ත උද්‍යානය වෙතින් ලබාගත හැකි ආදර්ශයන් බොහොමයක් ඇති බව මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය. 
     
    ඊයේ (14) ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන දූත පිරිස බානන් ශුග්ආන් කාර්මික උද්‍යානයේ සංචාරය කළ අතර උද්‍යාන බලධාරීහු එහි සැලසුම් සකස් කෙරුණු ආකාරය සහ මෙහෙයුම් කටයුතු සිදු කෙරෙන ආකාරය පිළිබඳව ශ්‍රී ලාංකේය දූත පිරිස වෙත සවිස්තර කරුණු ඉදිරිපත් කළහ.
     
    ශ්‍රී ලංකාවේ ඇති රූබි, සෆයර් වැනි මැණික්වල අගය වැඩි කිරීමේ ව්‍යාපෘති දියත් කිරීම පිළිබඳ ව දැනටමත් බානන් ශුග්ආන් පාලනාධිකාරීය අවධානය යොමු කර ඇති බවත්, මෙම බානන් ශුග්ආන් කර්මාන්ත උද්‍යානය සහ ශ්‍රී ලංකාව අතර සම්බන්ධතා වැඩිදියුණු කර ගැනීම අනාගතයට මහත් ඵලදායී වනු ඇති බවට ද මෙහිදී අමාත්‍යවරයා විශ්වාසය පළ කළේය. 
     
    චොංජිං මහනගර ආණ්ඩුව මගින් 2016 වසරේ බානන් ශුග්ආන් කාර්මික උද්‍යානය ආරම්භ කරන ලදී. නාගරික කර්මාන්ත උද්‍යාන සංකල්පය යටතේ දැනට කලාප 3 ක මෙහෙයුම් කටයුතු සිදු කෙරෙමින් පවතී. සිව් වන කලාපයේ ඉදිකිරීම් කටයුතු නිමවා ඇති අතර පස් වන කලාපයේ ඉදිකිරීම් කටයුතු නොබෝ දිනකින් ආරම්භ කිරීමට නියමිතය. 
     
    සියලු ම කලාප ඉදිකිරීමෙන් පසු වර්ග මීටර දස ලක්‍ෂයක භූමි භාගයක් පුරා මෙහෙයුම් කටයුතු සිදු කෙරෙනු ඇත.  
     
    අඩු කාබන් ධාරිතාවක් වායුගෝලයට නිකුත් කිරීම, පරිසර හිතකාමී නිෂ්පාදනය, අධි තාක්‍ෂණ භාවිතය සහ ඉහළ අගය එකතු කිරීම යන මූලධර්ම මෙම කර්මාන්ත උද්‍යානයේ සියලු ම නිෂ්පාදන සඳහා අනිවාර්ය කර ඇති අතර ව්‍යවසායකයන් 300 කට අධික පිරිසකට සිය කර්මාන්ත නිෂ්පාදන කටයුතු මෙම උද්‍යානය තුළ සිදු කිරීමට අවශ්‍ය පහසුකම් සැපයෙනු ඇත. 
     
    මෙම කර්මාන්ත උද්‍යානය යටතේ රැකියා අවස්ථාවන් 30,000 ක් නිර්මාණය වන අතර, වාර්ෂිකව චීන යුවාන් බිලියන 10ක ආදායමක් ලැබීමට ද සැලසුම් සකස් කර ඇත. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya