වකුගඩු රෝගය ව්‍යාප්ත වෙමින් පවතින මෙවැනි ප්‍රදේශයන් සඳහා ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර වල දැඩි අවශ්‍යතාවයක් පවතී.
එය සැලකිල්ලට ගත් නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය සිය දැනුම හා තාක්ෂණික හැකියාව ප්‍රයෝජනයට ගනිමින් මෙම ජල පිරිපහදු යන්ත්‍රය ස්ථාපිත කිරීම සඳහා කටයුතු කරන ලදී.
මෙමගින් හම්බේගමුව ප්‍රදේශයේ ජනතාවට පිරිසිදු පානීය ජලය ලබාගැනීමේ අවස්ථාව සැළසී ඇත. තණමල්විල ප්‍රදේශීය ලේකම් කේ.එච්.එම්. කැලුම් නිශාන්ත, හිටපු අමාත්‍ය ජගත් පුෂ්පකුමාර, ගිණිකොන නාවික විධාන භාර නියෝජය ආඥාපති කොමදෝරු සුදත් කුරුකුලසූරිය මහත්වරු ඇතුළු ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරීන් ඇතුළු ප්‍රදේශයේ ජනතාව විශාල පිරිසක් මෙම උත්සව අවස්ථාව සඳහා සහභාගී වී සිටියහ.