නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් හෙලන් මීගස්මුල්ල මහත්මියගේ මගපෙන්වීම යටතේ ක්‍රියාත්මක වු මෙම වැඩසටහනේ දි මත් උවදුර මෙරටින් තුරන් කිරීම සදහා ගත යුතු ඉදිරි පියවරයන් පිළිබද දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරුන්, පොලිස් නිලධාරීන්, දිස්ත්‍රික් ජනාධිපති මත්ද්‍රව්‍ය නිවාරණ කාර්ය සාධන බලකායේ නිළධාරීන්, සුරාබදු නිළධාරීන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු රාජ්‍ය නිළධාරීන් දැනුවත් කිරීම සිදුවිය.
මෙහිදි අදහස් දැක්වු පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා ප්‍රකාශ කර සිටියේ මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩ සටහන ජනපතිතුමන් ප්‍රමුඛ වත්මන් රජයේ ප්‍රමුඛතම කාර්යයක් බවත්, එය සාර්ථක කරගැනීම සදහා සෑම දෙනාගේම සහය අත්‍යාවශය බවත්ය.
මෙම අවස්ථාවට නුවරඑළිය අතිරේක දිස්ත්‍රික් ලේකම් මල්ලිකා අමරසේකර, ජනාධිපති මත් ද්‍රව්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය සමන්ත කිතලවආරච්චි යන මහත්ම මහත්මින් ඇතුළු විශාළ පිරිසක් එක්ව සිටිහ.
AP/DMU-Nuwaraeliya