සබරගමුව ප්‍රධාන අමාත්‍යවරයා මේ බව පැවසුයේ පසුගිය දා පළාත් සභා ශ්‍රවණාගාරයේ දී පැවති සමුපකාර සේවයේ නියුතුව සිටි සේවක සේවිකාවන් සඳහා විශ්‍රාම වැටුප් ප්‍රදානයට එක්වෙමිනි.
2011 වර්ෂයේ දී සබරගමුව පළාත් සමූපකාර සේවකයන් සඳහා විශ්‍රාම වැටුප් ක්‍රමය පළාත් සභාව මගින් හදුන්වාදෙනු ලැබීය. සබරගමුව පළාත් සමුපකාර සමිති 116 පවතින අතර එම සමිතිවල සේවක සේවිකාවන් 1947ක් සේවය කරයි. සබරගමුව සමූපකාර සංවර්ධන අරමුදලින්, පළාතේ සමුපකාර සේවක විශ්‍රාම වැටුප් අරමුදල සඳහා රුපියල් ලක්ෂ 800 ප්‍රදානය කර ඇත.
මීට අමතරව මාසිකව මෙම අරමුදල සඳහා මේ සේවකයන් රුපියල් ලක්ෂ 25ක මුදලක් අඛණ්ඩව ලබාදෙයි. මෙම සමුපකාර සේවකයන් විශ්‍රාම වැටුපට අමතරව අර්ථසාධක අරමුදල හා සේවක භාරකාර අරමුදලට ද හිමිකම් කියයි. දැනට විශ්‍රාම ගොස් සිටින සේවකයන් 46කු වෙත මෙදින විශ්‍රාම වැටුප් හිමිකම් ප්‍රදානය කරනු ලැබීය.
මෙම අවස්ථාවට පළාත් අමාත්‍යවරුන් වන රංජිත් බණ්ඩාර, භාණු මුනිප්‍රිය යන මහත්වරුන් ඇතුළු පළාත් සභා මන්ත්‍රීවරුන් විශාල පිරිසක් එක්ව සිටියහ.