ඒ මහතා එසේ පැවසුවේ පසුගිය දා රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැති සංහිඳියා යාන්ත්‍රණය පිළිබඳ රත්නපුර දිස්ත්‍රික් පුචිචරණ (Reconciliation) වැඩමුළුවේ ප්‍රධාන ආරාධිතයා ලෙස ඊට සහභාගි වෙමිනි.
විදේශ කටයුතු අමාත්‍යාංශය හා සංහිඳියා යාන්ත්‍රණය පිළිබඳ සබරගමුව කලාපීය කාර්යය සාධක බලකාය මගින් මහජන අදහස් ලබා ගැනීම සඳහා පැවැති මෙම වැඩසටහනේ දී තවදුරටත් අදහස් දැක් වූ දිස්ත්‍රික් ලේකම්වරයා මෙසේ ද පැවසීය.
“අපට ඇත්තේ ආඩම්බර විය හැකි මෙන්ම අමිහිරි අත්දැකීම් වලින් ද යුත් අතීතයකි.”
සංහිඳියා යාන්ත්‍රනය සඳහා ප්‍රතිපත්ති හා උපාය මාර්ග සැකසීමේ දී හිංසාකාරි ස්වභාවයක් පැවැති සමාජයක ඉතා සියුම් ලෙස පාලකයා හා පාලිතයා අතර ක්‍රියාදාමය මෙහෙයවන රාජ්‍ය නිලධාරීන්, සිවිල් ක්‍රියාකාරීන් මේ තුළ කටයුතු කරන විට සමබරතාව රැකගෙන යෑමේ අවශ්‍යතාව තිබේ.
වෙනස්වන ලොව විකෘති ස්වභාවයට පත්වන විට ප්‍රකෘති තත්ත්වයට යම් සාධනීය දුරක් දක්වා ශ්‍රී ලංකාවාසීන් රැගෙන ඒමට මේ ක්‍රියාකාරිත්වය වැදගත් ය.බොහෝ ගැටුම් හා බාධකයනට බඳුන් වූ දකුණු අප්‍රිකාව බඳු රටක් ගතහොත් අවුරුදු 29 දී සිරගතව ද ඉන් නිදහස්ව ද පැමිණ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් කැප වූ දකුණු අප්‍රිකානු නිදහස් සටනේ නායක නෙල්සන් මැන්ඩෙලා ආදර්ශයක් කොට ගත යුතු යැයි ද බන්දුල හරිශ්චන්ද්‍ර මහතා වැඩිදුරටත් පැවසීය.
සංහිඳියා යාන්ත්‍රණය පිළිබඳ සබරගමුව කලාපීය කාර්යය සාධක බලකායේ සභාපති ප්‍රියන්ත ගමගේ මහතා “ ශ්‍රි ලංකාවේ සංක්‍රාන්ති යුක්තිය.” මාතෘකාව යටතේ සිදු වූ සත්‍ය දැන ගැනීමට ඇති අයිතිය, යුක්තිය හා සාධාරණත්වයට ඇති අයිතිය, හානි පූරණය ලබා ගැනීමේ අයිතිය හා නැවත මෙවැන්නක් සිදු නොවීම පිළිබඳ සහතිකය හා අදාළ ආයතනික ප්‍රතිසංස්කරණය යන කරුණු පිළිබඳව දැනුවත් කිරීමේ දේශනයක් පැවැත්වීය.
AP/DMU- Ratnapura