නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "ශිල්ප සවිය" ඇරඹේ

    අගෝස්තු 11, 2016
    ඉදිකිරීම් කර්මාන්ත ක්ෂේත්‍රය ශක්තිමත් කිරීම උදෙසා නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශය විසින් ක්‍රියාත්මක කරනු ලබන "ශිල්ප සවිය" වැඩසටහන නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දින ආරම්භ විය.
     
    ඒ අනුව එහි මුල් පියවර යටතේ තරුණ තරුණියන් 200දෙනෙකු වෙත ශිල්පීය පුහුණුව ලබාදීම සිදු කෙරේ. මෙහි පුහුණු කාලය මාස තුනකි. එහිදී එම පුහුණුලාභීන් වෙත රුපියල් 2000ක් වටිනා නිල ඇඳුම් කට්ටල 02ක්, රුපියල් 5000ක් වටිනා උපකරණ කට්ටලයක් ද ලබා දෙන අතර පුහුණුව ලබන කාලය සඳහා මසකට රුපියල් 10,000ක දීමනාවක් ද ගෙවනු ලැබේ. 
     
    මෙම පුහුණුව සාර්ථකව සම්පූර්ණ කරන්නවුන් වෙනුවෙන් පුහුණුව අවසානයේ දී අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ හා සම මට්ටමේ පවතින NVQ සහතිකය පිරිනැමීම ද සිදු කෙරේ.
     
    මෙම වැඩසටහනෙහි දෙවැනි පියවර යටතේ දී හම්බන්තොට දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන් 1000කට මෙම පුහුණුව ලබාදීමට අපේක්ෂා කෙරේ. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya