මේ වන විට ලංකාව තුළ පැතිර ඇති ආක්‍රමණික ශාඛ විශේෂ සහ සත්ව විශේෂ පිළිබඳව දැනුවත් කිරීම මෙහිදී සිදුවිය. ආක්‍රමණික ජීව විශේෂයන් හඳුනා ගැනීම, ජීව විශේෂ පිළිබඳව දැනුවත් කිරීම, ජීව විශේෂයන්ගෙන් සිදුවන බලපෑම් සහ ජීව විශේෂයන් පැතිරීම වළක්වා ගැනීම මෙහි මූලිකම අරමුණ විය. ශ්‍රී ලංකාව ජෛව විවිධත්වය අතින් ලොව සුවීශේෂි ස්ථානයක් ගෙන ඇති අතර මිනිසුන්ගේ අධි පරිභොජනය එම ජෛව විවිධත්වයට බලපෑම් එල්ල කොට ඇත.
මෙහි ප්‍රධාන දේශන වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ දකුණු කලාපය භාර සහකාර අධ්‍යක්ෂ ප්‍රසන්න විමලදාස, පරිසරවේදී ආචාර්ය පී එම් සී බණ්ඩාර, පරිසරවේදී චන්දන අසේල, සහ සත්වවේදී දිස්නා බණ්ඩාර යන මහත්ම මහත්මීන් විසින් ඉදිරිපත් කරන ලදී.
මේ අවස්ථාව සඳහා මාධ්‍යවේදීන්, රාජ්‍ය නොවන සංවිධාන සහ සිවිල් ක්‍රියාකාරීන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.
AP/DMU-Galle