නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඇසල පෙරහර වෙනුවෙන් විශේෂ දුම්රිය සේවා

    අගෝස්තු 09, 2016
    මහනුවර ඇසල පෙරහර වෙනුවෙන් සහභාගිවන බැතිමතුන්ගේ ඉල්ලීම පරිදි 13දා සිට 18දා දක්වා සාමාන්‍ය දුම්රියවලට අමතර ව මහනුවර කේන්ද්‍රකරගනිමින් විශේෂ දුම්රිය කිහිපයක් ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත.
     
    ඒ අනුව 13දා සිට 17දා දක්වා කාලය තුළ කොළඹ කොටුවෙන් පෙරවරු 9.50ට ගමන් ආරම්භ කරන දුම්රිය පස්වරු 01.15ට මහනුවරට, මහනුවර දුම්රිය ස්ථානයෙන් පස්වරු 11.45ට ගමන් ආරභන දුම්රිය පෙරවරු 03.01ට කොළඹ කොටුවට ද, පස්වරු 11.55ට මහනුවරින් ගමන් ආරම්භ කරන දුම්රිය පෙරවරු 01.52ට නාවලපිටියට ද, පස්වරු 01.05ට මහනුවරින් ගමන් අරඹන දුම්රිය පස්වරු 02.27ට මාතලේ වෙතද ගමන් කරනු ඇත. මාතලේ දුම්රිය ස්ථානයෙන් පස්වරු 3.30ට සහ 8.45ටගමන් ආරම්භ කරන දුම්රියන් පිළිවෙළින් පස්වරු 04.47ට සහ පස්වරු 09.45ට මහනුවරට ළඟා වෙනු ඇත. පස්වරු 10.45ට මහනුවරින් ගමන් අරඹන දුම්රිය පස්වරු 11.54ට මාතලේ වෙත ද ගමන් කරනු ඇත.
     
    17දා පස්වරු 11.55ට මහනුවරින් ගමන් ආරම්භ කරන දුම්රිය පෙරවරු 01.013ට මාතලේ දුම්රිය වෙතද, මාතලේ දුම්රිය ස්ථානයෙන් පෙරවරු 00.40ට ගමන් ආරම්භ කරන දුම්රිය පෙරවරු 01.55ට මහනුවරට ළඟාවීමට නියමිතය.
     
    18දා පෙරවරු 7.05ට කොළඹ කොටුවෙන් ගමන් අරඹන දුම්රිය පෙරුවරු 10.00ට මහනුවරට ගමන් ගන්නා අතර, එදින මහනුවර දුම්රිය ස්ථානයෙන් පස්වරු 6.30ට සහ පස්වරු 2.40ට ගමන් ආරම්භ කරන දුම්රියන් පිළිවෙළින් පස්වරු 9.50ට කොළඹ කොටුව වෙතද පස්වරු 4.03ට මාතලේ දුම්රිය ස්ථානය වෙතද ගමන් කරනු ඇත.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya