ඌව පළාත් ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් බදුල්ල දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක කෙරෙන ග්‍රාමීය කාන්තා අභිවෘද්ධි පුහුණු මධ්‍යස්ථානයන්හි ගෘහ කළමනාකරණ ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරූ පුහුණු ලාභිනියන් විසින් නිමවුණු නිර්මාණ මෙම ප්‍රදර්ශණයට ඇතුළත්ය.
පුහුණු මධස්ථාන 30 ක පුහුණුලාභිනියන් විසින් නිමවන ලද කාන්තා හා ළමා ඇඳුම් නිර්මාණ, රෙදි ආශ්‍රිත විවිධ නිර්මාණ, බිත්ති සැරසිළි, පැච්වර්ක් නිර්මාණ, ක්‍රොස් ස්ටිච් නිර්මාණ, ඇප්ලික් නිර්මාණ, වූල් ගෙතුම් නිර්මාණ, හෑන්ඩ් එම්බ්‍රොයිඩර්, රිබන් එම්බ්‍රොයිඩර්, පන්ච් එම්බ්‍රොයිඩර් ඇතුළු එම්බ්‍රොයිඩර් නිර්මාණ, පොල්කටු ආශ්‍රිත නිර්මාණ, මල් වර්ග, පාවහන්, විසිතුරු සතුන් නිර්මාණ ඇතුළු විසිතුරු නිමවුම් විශාල ප්‍රමාණයකින් මෙම ප්‍රදර්ශනය සමන්විත විය.
ඊට අමතරව එම පුහුණුලාභීන් විසින් සරසන ලද මනාලියන් දැක්මක්ද එහිදී සිදුකෙරිණි.
ඌව පළාත් සභා මන්ත්‍රී එම්.පී.ලීලසේන, ඌව පළාත් සභාවේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් විනීතා දිසානායක, ඌව පළාත් ග්‍රාම සංවර්ධන අධ්‍යක්ෂ උපාලි සේනාධීර, ඌව පළාත් කර්මාන්ත අධ්‍යක්ෂ අජිත් දිසානායක යන මහත්ම මහත්මීන් ඇතුළු ආරාධික අමුත්තන් රැසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
AP/DMU-Badulla