නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මත් ද්‍රව්‍ය නිවාරණ වැඩ සටහනේ ප්‍රගති විමසා බැලේ

    අගෝස්තු 10, 2016
    මතින් නිදහස් රටක් ජාතික මත් ද්‍රව්‍ය නිවාරණ වැඩ සටහනේ කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රගති හා පසු විපරම් වැඩ සටහන සහ දිස්ත්‍රික් කමිටුව පොලිස්පති  පුජිත ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන්  කෑගල්ල දිස්ත්‍රික්  ලේකම් කාර්යාලයේදී පැවැත් විණි.  
    මෙම අවස්ථාවට කෑගල්ල දිස්ත්‍රික් ලේකම් අබේවික්‍රම වනසුරිය මහතා ප්‍රමුඛ රාජ්‍ය නිලධාරීන්ද, සබරගමුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රමුඛ  කෑගල්ල දිස්ත්‍රික්කයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් සහභාගී විය.මෙහිදි පොලිස්පතිතුමන්  ප්‍රකාශ කර සිටියේ මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩ සටහන ජනපතිතුමන් ප්‍රමුඛ  වත්මන් රජයේ ප්‍රමුඛතම කාර්යයක් බවය.
    එමෙන්ම අවම වශයෙන් සති දෙකකට වරක්වත් මෙම නිලධාරීන් රැස් වී මෙහි ප්‍රගතිය විමසීමත් ඉදිරි ක්‍රියා මාර්ග සැලසුම් කිරීමත් ඉතාමත් යෝග්‍ය බවය. 
     
    මෙහිදි අදහස් දැක්වු කෑගල්ල දිස්ත්‍රික් ලේකම් අබේවික්‍රම වනසුරිය මහතා ප්‍රකාශ කර සිටියේ මෙම වැඩ සටහන ඉතාමත් විශිෂ්ට වැඩ සටහනක් බවත් මත්ද්‍රව්‍ය රටට බරපතල අභියෝගයක් වී ඇති මෙවන් යුගයක එය නිවාරණය කිරීමේ කටයුත්තට සියළු දෙනාගේම  සහයෝගය ලබා දීම පුණ්‍ය කටයුත්තක් බවය.
     
    ජනාධිපති මත් ද්‍රව්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය සමන්ත කිතලවආරච්චි මහතාද මෙහිදි අදහස් දැක්වීය.
     
    AP/DMU-Kegalle
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya