මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය යටතේ ස්ථාපිත කරන ලද මහවැලි ජල සුරක්ෂිතතා ආයතනය මගින් මෙම ව්‍යාපෘතිය දියත් කරන අතර මේ යටතේ මිණිපේ වම් ඉවුරු වේල්ල තවත් මීටර් දෙකකින් උස වැඩි කරනු ඇත. ඒ අනුව ඊට අමතරව මිනීපේ අමුණේ ඇති වම් ඉවුරු සොරොව්ව හා එයට යාබදව ඇති ගේට්ටුව ඉදිකොට විදුලිය මගින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කොට තිබේ. එමෙන්ම අමුණේ උස වැඩි කර නව මඩ සොරොව්වක් සහ දකුණු ඉවුරු ඇලට හදිසි පිටවාන් නිර්මිතයක්ද අලුතින් ඉදිකිරිමට නියමිතය. අමුණේ වේල්ල උස වැඩි කිරිම තුලින් රාත්‍රි කාලයේදී රන්ටැඹේ ජල විදුලිබලාගාරයෙන් පිටවන ජලය වැඩි ප්‍රමාණයක් එහි රදවා තබාගෙන දිවාකාලයේදි ක්‍රමවත්ව අඛන්ඩව මිණිපේ වම් ඇලට මුදාහැරීමට සැලසුම්කොට තිබේ.
අදියර හතරක් යටතේ ක්‍රියාත්මක කරන මෙම ව්‍යාපෘතිය ගොවි ජනයාගේ කෘෂිකාර්මික කටයුතුවලට අවම හානියක් වන ලෙස සිදු කිරීමට සැලසුම් කර ඇත. එසේම පාරිසරික සහ ජල සුරක්ෂිතතාවයද ආරක්ෂා කර ගනිමින් 2016 අගභාගයේදී ආරම්භ කිරිමට නියමිත මෙම ව්‍යාපෘතිය 2020දී සම්පුර්ණයෙන්ම අවසන් කිරීමට අපේකෂිතය.
ව්‍යාපෘතිය අවසන් වීමෙන් පසු මිණිපේ ගොවිජනපද ව්‍යාපාරයේ කෘෂිකාර්මික කටයුතු සදහා හිගයකින් තොරව කුඹුරු හෙක්ටයාර් 7,500 කට ජලය ලබාදීමට හැකියාව ලැබෙන අතර වස්ගමුව ජාතික වනෝද්‍යානයේ පිහිටි කදුරුපිටිය කුඩා පොකුණට ජලය ලබාදී වියළි කාලයේ වන සතුන් මුහුණපාන පාණිය ජල හිගයටද පිළියම් ලැබේ.
මෙම කරුණු අනාවරණය වුයේ මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් උදය සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර රෝයල් කැන්ඩියන් හෝටලයේදී දී පැවැති මිණිපේ වම් ඉවුරු ඇල ප්‍රතිසංස්කරණය පිළිබද රාජ්‍ය නිලධාරින් හා ගොවි සංවිධාන නියෝජිතයින් දැනුවත් කිරිමේ වැඩමුළුවකදීය.
AP/DMU-Kandy