ජයග්‍රාහකයෙක් සඳහා නිවාසයක් ඉදිකර ගැනීමට රුපියල් ලක්ෂ දෙකක මුදලක් හිමිවිය. ශ්‍රී ලංකාවේ සියලු දිවිනැගුම ආධාරලාභීන් අතර මෙම දිනුම් ඇදීම සිදු කරන අතර කුරුණෑගල දිස්ත්‍රික්කය සඳහා මාස දෙකක් තුළ මේ ජයග්‍රාහකයින් තෝරාගෙන තිබේ.
ජයගාහකයින්ට ස්ථීර නිවසක් ඇත්නම් ආදායම් උත්පාදන මාර්ගයකට හෝ ඉඩමක් මිලදී ගැනීමට මෙම මුදල් යෙදවිය හැකි අතර එය අදාළ වසමේ දිවිනැගුම නිලධාරියාගේ සහ ප්‍රාදේශීය ලේකම්ගේ අධීක්ෂණය යටතේ සිදු කෙරෙන බව දිවිනැගුම දිස්ත්‍රික් අධ්යක්ෂ එම්.එස්.එම්. සෆ්රාස් මහතා ප්‍රකාශ කරයි.
DMU/Kurunegala