අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ, බදුල්ල ප්‍රාදේශීය සභාව සඳහා ඉදිකළ බහුකාර්ය ගොඩනැගිල්ල විවෘත කීරිමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගීවෙමිනි.
මෙම උත්සවයට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා, ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා ඇතුළු ප්‍රාදේශීය දේශපාලනඥයන් සහ නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.
පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයේ, පුරනැගුම ව්‍යාපෘතිය මඟින් රුපියල් මිලියන 46 ක වියදමින් බදුල්ල ප්‍රාදේශීය සභාවේ බහුකාර්ය ගොඩනැගිල්ල ඉදිකර තිබේ. මෙම ගොඩනැගිල්ලේ බිම් මහළ වර්ග අඩි 4,775 කින් ද, පළමු මහළ වර්ග අඩි 5,820 කින් ද දෙවන මහළ වර්ග අඩි 1,537 කින් ද සමන්විතය. ප්‍රාදේශීය සභා කාර්යාලය, ප්‍රජා ශාලාව, පුස්තකාලය සහ ආයුර්වේද සායනයක් මෙම ගොඩනැගිල්ලට ඇතුළත් වේ.
පුරනැගුම යටතේ රුපියල් මිලියන 50 ව්‍යාපෘති 16ක් අපි ඌව පළාතට දී තිබෙන බවත් එමෙන් ම පානීය ජලය ලබාදීම සඳහා රුපියල් මිලියන 1,800ක ව්‍යාපෘතියක් දී තිබෙන බවත් ප්‍රකාශ කළ අමාත්‍යවරයා වත්මන් ආණ්ඩුව සම්මුති ආණ්ඩුවක් නිසා ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ටත් විශාල වැඩකොටසක් කරන්න හැකි වී තිබෙන බවත් පැවසීය.
විවිධ පුද්ගලයන්, විවිධ චෝදනා කළත් අපි මේ ආණ්ඩුව තුළින් විශාල වැඩ කොටසක් කරනවා කියන එක වගකීමෙන් ප්‍රකාශ කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.