පසුගියදා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් එම සංවර්ධන කටයුතු ජනතා අයිතියට පත් කිරීම සිදු කෙරිණි.
ජනතා ඉල්ලීම මත ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙහි අංක 26 ජී - ඇල්ල ග්‍රාමනිළධාරී වසමෙහි ඌරන්වල මාර්ගය කොන්ක්‍රීට් අතුරා සංවර්ධනය කොට ජනතාඅයිතියට පත්කිරීම, අංක 26 ජී - ඇල්ල ග්‍රාමනිළධාරී වසමෙහි ඇල්ල, කොරටුව ගෙදර වත්ත පාර කොන්ක්‍රීට් අතුරා සංවර්ධනය කොට ජනතා අයිතියට පත්කිරීම, අංක 27 බී - මහවෙල අභයපුර ග්‍රාමනිළධාරී වසමෙහි මහවෙල අභයපුර ඇල්ල පාර කොන්ක්‍රීට් අතුරා සංවර්ධනය කොට ජනතා අයිතියට පත්කිරීම,අංක 27 බී - මහවෙල අභයපුරග්‍රාමනිළධාරී වසමෙහි නාගරගල මාවත තාර අතුරා සංවර්ධනය කොට ජනතා අයිතියට පත්කිරීම,අංක 27 සී - පිටුවල උතුර ග්‍රාමනිළධාරී වසමෙහි හිඳපොත්ත පාර කොන්ක්‍රීට් අතුරා සංවර්ධනය කොට ජනතා අයිතියට පත්කිරීම,අංක 27 - පිටුවල බටහිර ග්‍රාමනිළධාරී වසමෙහි නාකන්ඳ ඇල පාර තාර අතුරා සංවර්ධනය කොට ජනතා අයිතියට පත්කිරීම, අංක 94 - අම්බන ග්‍රාමනිළධාරී වසමෙහි මගාරක්කන්ද පාර තාර අතුරා සංවර්ධනය කොට ජනතා අයිතියට පත්කිරීම සිදු විය.